Daily News
Trending

දසුන්ට බොක්කටම වැදුන ෆිල්ම් එක…




දසුන් පතිරණ කියන්නේ හරිම කෙටි කාලයකින් කලා ලෝකේ නමක් හදාගත්ත නළුවෙක්. සහජයෙන්ම ඇඟේ තියෙන හැකියාවත් උනන්දුවත් නිසා දසුන්ගේ මේ ගමන සාර්ථක වුනා. ඒ වගේම දසුන්ගේ ආදරණීය පෙනුමත් වාසනාවත් නිසා ඔහුගේ මේ ගමන ඉක්මන් වුනා කීවොත් හරි.

දසුන් මේ වෙන කොට තාත්ත කෙනෙක්. හැබැයි ඔහුගේ ජනප්‍රියකමට මේක බාධාවක් වුනේ නම් නැහැ. පසුගියදා දසුන් ඔහු ආසාවෙන්ම බලපු සිනමාපටයක් ගැන කතා කරලා තිබුනා. දසුන්ගේ හිතට වැදුන සිනමාපට කිහිපයක්ම තියෙනවලු. හැබැයි එක සිනමාපටයක් තියෙනවලු දසුන්ගේ බොක්කටම වැදුන. ඒ සිනමාපටය තමයි, මිල්ලේ සොයා කියන සිනමාපටය. ඒක කොයිතරම් බැලුවත් එපා නොවුන එකක්ලු. ඒ කතාවට,චරිත වලට වගේම ඔවුන්ගේ රංඟනයට දසුන් බොහෝම කැමතියිලු.

කොයි තරම් කාලයක් එක පරණ වුනත් ආයේ ආයේත් දසුන්ට මේ සිනමාපටය බලන්න පුලුවන් කියලා තමයි කියන්නේ. හැමෝටම තමන් වඩා කැමති සිනමාපටයක් තියෙන්න පුලුවන්. ඒ කැමැත්ත නිසාම සමහර වෙලාවට ඒක කොයි තරම් පරණ වුනත් බලන එක නම් එපා වෙන්නේ නැහැ.

Tags
Show More
Close