Daily News
Trending

දසුන්ගේ චූටි දුව ශයියා තාත්තා නිසා “තාත්තා” බලන්න ඇබ්බැහි වෙලා…




ශයියා කියන්නෙ හරිම දඩබ්බර තාත්තෙක් සිටින චූටි සුරංගනාවියක්. මේ චූටි දෝනිගේ හිතුවක්කාර දඩබ්බර තාත්තා තමයි දසුන් පතිරණ.
දසුන් මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වන ඒක දිග කතාවක් සහ තාත්තා යන නිර්මාණවල රඟපානවා. ඒ වගේම දසුන් කියන්නෙ රංඟනයේදි ඉතාම කාර්‍යබහුල කෙනෙක්. දසුන් රඟපාපු චරිත අතර තාත්තා ටෙලිනාට්‍යයේ ඔහුට හිමි වූ චරිතය තරමක් වෙනස් එකක්. තාත්තා කතාවේ සිටින ආදරණීයම තාත්තා දසුන්. කතාවේ හැටියට දසුන්ට ඉන්නෙ පුතෙක්.

දසුන් කියන ඇත්තම තාත්තාට ඉන්නෙ චූටින චූටි දියණියක්. තවම මුනින් පෙරලෙන වයසේ සිටින මේ චූටි සුරංගනාවිය තාත්තා ටෙලිනාට්‍යය බලන වීඩියෝවක් මුහුණුපොතට එකතු කරලා තිබුණා.

දෝනිලා හුඟක්ම ළඟ තාත්තලාටලු. ෂයියා දුව එයාගේ හුඟාක් කාර්‍යබහුල තාත්තව පුංචි තිරයෙන් දකිනවා. ඒ තාත්තට ළං වෙනවා. මේ වීඩියෝව හරිම ලස්සනයි. තාත්තා කෙනෙක්ගෙ ආදරය දරුවෙක්ට කොයිතරම් දැනෙනවද? දසුන්ට ඒ අතින් ගත්තම හරිම වාසනාවන්ත තාත්තෙක්. අපි මේ තාත්තලා දූලාගේ ප්‍රේමයට ආදරෙන් ආශීර්වාද කරනවා.

Show More
Close