Daily News
Trending

දයාසිරි ඇමතිතුමාව බයිට් එකට ගන්න ගිහිං පේෂලට වෙච්චි දෙයක්…




පේෂල මනෝජ් කියන්නෙ තරමක හිතුවක්කාර නිවේදකයෙක්. ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක කාලයක් තිස්seසේ නිවේදන කටයුතු කරන පේෂල මේ වැඩසටහනට සහභාගී වන ඕනම කෙනෙක්ව තරාතිරම නොබලා බයිට් කරනවා. පේෂලගෙන් බේරිලා බයිට් නොවී යන කෙනෙක් නැති තරම්.

ඉතිං දවසක් මේ වැඩසටහනට දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා එක්ක එයාගේ අයියා කිත්සිරි ජයසේකරත් සහභාගී වෙනවා. ඔන්න දැන් දයාසිරි වේදිකාවට එනවා සින්දුවක් කියන්න.

එතකොටම පේෂලත් තමන් ඉඳගෙන හිටපු තැනින් නැගිටිනවා. දයාසිරි දැනගන්නවා පේෂල මේ මොකාටද එන්නෙ කියලා. ඉතිං දයාසිරි කෙලින්ම අහනවා දැන් ඔය මාව බයිට් එකට ගන්නද එන්නෙ කියලා.

පේෂල ඔය මොනවා කිව්වත් අහන එකක් යැ. මං ඔයාව බයිට් කරන්නෙ නෑ අයියේ…ඔයාට මගෙන් මොනාද වෙන්න ඕනෙ කියලා අහනවා. පේෂල මෙහෙම අහන්නෙ හිටපු ක්‍රීඩා අමාත්‍යතුමාගෙන්. ඔයාගෙන් කිසි දෙයක් වෙන්න ඕනෙ නෑ පාඩුවේ හිටියා නම් ඇති කියලා දයාසිරි මේ වෙලාවේ හිනාවෙලා පේෂලට කියනවා.

අන්තිමට පේෂල දයාසිරිවයි කිත්සිරිවයි ළඟට අරගෙන දෙන්නටම ටොෆි වැස්සක් වස්සනවා. දයාසිරි ඇමතිතුමා මේ වෙලාවේ හිනාවෙලා කිව්වෙ මොකක්ද දන්නවද?

අපිට ඉතිං කවදත් ලැබෙන්නෙ ටොෆි තමයි. හැබැයි මේ වගේ ටොෆි වැස්සක් ලැබුණේ නම් අද තමයි කියලා.

Tags
Show More
Close