Daily News
Trending

දමිත්ගේ අම්මා සුවහසක් රසිකයින්ගෙන් කළ සංවේදී ඉල්ලීම.




පහුගිය දවස් වල මුහුණුපොත පුරා සැරිසැරුවේ දමිත් අසංක නම් වූ සුන්දර ගායකයා සම්බන්ධයෙන් වූ පුවත් ය. ඒ පුවත් අසා ඔහු වෙනුවෙන් භේදයකින් තොරව ලොකු කුඩා රසවතුන් සියල්ලෝම පාහේ දුක් වූහ.

සිදු වූයේ කුමක් ද කියා හරි හැටිම දන්නේ ඔහුත් ඔහුගේ සමීපතමයිනුත් පමණි. ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවෙල් මහතා ඉදිරිපත් වී දමිත් අසංක වෙනුවෙන් ගායක ගායිකා සංගමයේ හඬ අවදි කළේය. ඔහු සම්බන්ධයෙන් පළවන අසත්‍ය ප්‍රකාශ නිවැරදි කළ පැස්කුවෙල් මහතා මේ සිදුවීම හා මත් ද්‍රව්‍ය සමඟ කිසිඳු සබඳතාවක් නැති බව තහවුරු කළේ පොලිස් වාර්තාද සමඟය.

කෙසේ හෝ කිසියම් සිත් තැවුලක් නිසා ඇති වූ මානසික කම්පනයකින් පසු ඔහු යථා තත්ත්වයට පත් වෙමින් ඇත.

මෙරට බිහිවූ අතිශය ජනප්‍රිය ගායකයින් ගොන්නෙහි ඉදිරියෙන්ම සිටිනා දමිත්‍ වටා මේ සංකීර්ණ අවස්ථාවේදී පවා විශාල පිරිසක් එක්ව සිටිති. ඒ අතර සහෝදර ශිල්පීන්ද විය. රොමේෂ් සුගතපාල, චාමර වීරසිංහ ආදී කලාකරුවෝ හදවතින්ම දමිත් වෙනුවෙන් පෙනී සිටියහ.

ඔහුට තනි නැත. රක්ශිත බන්ධනාගාර ගත කෙරුණත් ඔහු වටා සුවහසක් රසික පිරිසක් ඇත.

දමිත් අසංකගේ ආදරණීය අම්මා දෑසේ කඳුළු පුරවා ගෙන විත් සිය පුතුගේ දයාබර සහෘදයන් අමතා සංවේදී ඉල්ලීමක් කළාය. මගේ පුතා හොඳ සනීපෙන් ඉන්නවා. එයා ගැන වැරදි ආරංචි පතුරවන්න එපා. 9 වැනිදාට පස්සේ මම මගේ පුතාව ඔයාලට භාර දෙනවා. එයාව ආදරෙන් බලා ගන්න. කලින් හිටපු දමිත් අසංකවම මම නැවතත් ඔයාලට භාරදෙනවා. මගෙ පුතාට ලොකු අසාධාරණයක් වුණා. එයාට අසනීපයක් නැහැ. මගේ පුතා හොඳින්.

ඒ දමිත් අසංක නම් වූ ආදරණීය ගායකයාට ගැඹුරු හඬ පෞරුෂය තිළිණ කළා වූ දයාබර අම්මාය. කොයිතරම් උස් මහත් වුණත් මේ අම්මාට දමිත් අසංක යනු තවමත් කුඩා දරුවකුසේය.

දමිත් අසංකට නිහඬ විය නොහැක. ඔහු වෙනුවෙන් බලා සිටින සුවහසක් රසිකයින් වෙනුවෙන් ඔහු ගීත ගායනා කළ යුතුය.

මේ ප්‍රශ්නයේ අහුමුළු සෙවීම නොකළ යුතුය. ඔහුට ඒ පැටැලිලි සහිත නූල්බෝලය ලිහාගැනීමට අවස්ථාව සළසා දිය යුතුය. ඒ වෙන කිසිවක් නිසා නොව. ප්‍රශ්න ඔහුගේ නිසාය.

නිවී සැනසිල්ලේ තීරණ ගැනීමට ඔහුට ඉඩ තබා අපි සමුගනිමු. දයාබර දමිත්, අනන්ත රාත්‍රියක සඳ නුඹ කොහිදැයි අහන්න ඉක්මනින්ම නැවත එන්න. එතෙක් අප බලා සිටිමු.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close