Daily News
Trending

තෝර තෝරා රඟපාන්න තරමට නිර්මාණ ලැබෙන්නේ නෑ.- ජනිත් වික්‍රමගේ

Janith Wickramage




Janith Wickramage Exclusive from Starfriends.lk

ජනිත් කියන්නේ හොර බොරු නැතිව කියන්න තියෙන දේ කියලා දාන හිත හොඳ කොල්ලෙක්. අපි මෙහෙම කිව්වාට කිසිම කෙනෙක් අපි එක්ක විරුද්ධ‌ වෙන්නේ නැති වෙයි. තමන්ගේ උපන්දිනය ලේ දන්දීමේ කඳවුරක් පවත්වලා ස්මරණය කරන්න හිතෙන තරමට ජනිත් ජීවිතය පිළිබඳ අවබෝධයකින් පසු වෙනවා.

සාමාන්‍යයෙන් නළු නිළියන් හැමෝම වගේ කියන කතාවක් කියනවා. ඒ ඔවුන් නිර්මාණ තෝරා බේරාගෙන රඟපාන බව. ලැබෙන ඕනම දෙයක් භාරගන්න බැහැ තමයි. හැබැයි ඉතින් ඔය කියන තරමට තෝරා තෝරා වෘත්තියක් කරන්න පුළුවන්ද කියන කාරණයත් හිතන්න ඕනේ. ජනිත් නම් මේ සම්බන්ධයෙන් විවෘතව අදහස් පළකරනවා. ඔහු කියන්නේ සිනමා ක්ෂේත්‍රයේ නම් තේරීමක් කරන්න තරමට නිර්මාණ ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා ලැබෙන හැම ආරාධනාවක්ම වගේ භාරගන්න වෙනවා කියලා. මේ කියන්නේ ඕනම දහ ජරාවක රඟපානවා කියලා නම් නෙමෙයි. ඔහු කියන්නේ ලොකු තෝරා ගැනීමකට යන්න ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි ජනිත් ටෙලිනාට්‍ය රංඟනයේ දී නම් තෝරා ගැනීමක් කරනවාලු. ඉදිරියේ දී නිෂ්පාදන සම්බන්ධීකරණය පැත්තට එකතුවෙලා හොඳ වැඩ ටිකක් කරන්නත් ඔහු බලාපොරොත්තු වෙනවා.

ජනිත්ගේ තාත්තා, ආනන්ද වික්‍රමගේ මහත්මයාට පසුගිය වසරේ දී වකුගඩුවක් බද්ධ කළා. ඒ කටයුතු සාර්ථකව අවසන් වීම ජනිත්ගේ සිතට සහනයක්. මේ නිසා උදාවුණ වසරේ වැඩ කිහිපයක් කරන්න ඔහුගේ අදහසක් තියෙනවා. නර්තන ප්‍රසංගයක් රට පුරා අරගෙන යන එකත් ඒ අතරින් එකක්. හැබැයි ඉතින් ඔයාලා හැමෝම අපේක්ෂාවෙන් සිටින ජනිත්ගේ විවාහය නම් මේ වසරේත් සිදු වන්නේ නැහැ. ඔහු කියන්නේ ඒ සඳහා සුදුසු කෙනා මුණගැහෙනතුරු ඉවසනවා කියලා.(හදගැස්ම)

Janith Wickramage Exclusive from Starfriends.lk

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close