Daily News
Trending

තුෂිනි CRIME SCENE එක්ක ජාතික රූපවාහිනියේ.




තුෂිනි කිව්වම නොදන්න හුඟ දෙනෙක් කෝටිපතියෝ කතාවේ අංජලී කිව්වම ඇයව දන්නවා. අංජලීට නම් තුවක්කු පිස්තෝල ඕනහැටියේ හුරුපුරුදුයි. මිනිස්සු මරනවා කියන එකත් ගේමක්ම නෑ.

මේකත් ඒ වගේ ක්‍රියාදාම වැඩක්. ජාතික රූපවාහිනියෙන් තමයි මේ අලුත්ම ක්‍රියාදාම ටෙලිනාට්‍යය පටන්ගන්න සූදානම. ජාතික රූපවාහිනියෙන් මේ වගේ වැඩකට අතගැහුවා කිව්වමත් තරමක් පුදුමයි තමයි. ඒත් ඉතිං ඒකෙ සභාපති පුටුවට ඉනෝකා ආවට පස්සේ ජනප්‍රිය සංස්කෘතිය පස්සේ ටිකක් පන්නන බව තමයි ආරංචි.

කොහොමහරි මේ ක්‍රයිම් සීන් කියන ක්‍රියාදාම නාට්‍යයේ පිටපත ලියවෙන්නේ සද්ධා මංගල අතින් ලු. වැඩේ පටන්ගන්නත් කලින් පොඩි දෝෂාරෝපණයකුත් තියෙනවා. තවම රූගත කරලා ඉවරත් නැති, ප්‍රදර්ශණය සඳහා අනුමැතිය ලබාගෙනත් නැති නාට්‍යයක් කමින් සූන් කියලා ට්‍රේලර්ස් ගහන්නේ කොහොමද කියලා සමහරු ප්‍රශ්න කරනවා. ආරංචි විදියට නම් මේ වැඩේට සල්ලි දෙන්නේ අමාත්‍යංශයෙන් ලු. ඒ නිසා ඉතිං අනුමැතිය නම් ඕනෙම නැතිව ඇති නේද?

Tags
Show More
Close