Daily News
Trending

තාමත් ඉවරයක් නැති ශිහාන්ගේ ප්‍රශ්න.




ශිහාන් මිහිරංග කියන්නේ ලංකාවේ අතිශය ජනප්‍රිය ගායන තරුවක් කිව්වොත් හරි. රුපවාහිනී රියලිටි තරඟයකින් ගායන ක්ෂේත්‍රයට ආපු ශිහාන්ට ලැබුණේ එතෙක් මෙතෙක් නවක තරුවකට නොලැබුණු තරම් ජනප්‍රියතාවයක්. ඒ වගේම රසික ආදරයක්. තරුණියෝ උමතුවෙන් වගේ ශිහාන් හොයන් ගියපු කාලයක් තිබුණා.

සමහර අයට රසික ප්‍රතිචාර කාලයත් එක්ක අඩු වුණාට ශිහාන්ට නම් එහෙම වුණේ නැහැ. ඒ ආදරය එහෙමමයි. ඒ අතරේ ජනප්‍රියතාවය එපා වෙන තරමට මේ ජනප්‍රියතාවය නිසා ශිහාන්ට ආපූ ප්‍රශ්නත් එමටයි. තවමත් ඒ ප්‍රශ්න වල ඉවරයක් නම් නැහැ. ශිහාන් කිහිප සැරයක්ම කියලා තිබුණා ඔහු ෆේස්බුක් ගිණුමක් පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඔහු කාලයකට කලින් මේ ගිණුමෙන් ඉවත් වුණෙත් මේ ප්‍රශ්න නිසාමලු. හැබැයි මේ නිසා ආයෙත් ප්‍රශ්නයක් වෙලාලු.

මේ ලඟදිත් ශිහාන් ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් හරහා යම්කිසි පුද්ගලයෙක් තරුණියන්ට අයුතු යෝජනා කරලා තියෙනවලු. ශිහාන් අසාර්ථක පවුල් ජිවිතයක් ගත කරන බවත් බිරිඳ වෙනස් කම් කරනවා කියලත් තමයි ඔහු මේ විදියට ශිහාන් වගේ චැට් කරලා තියෙන්නේ. ඒ වගේම තරුණියන්ට ඔහුගේ මියුසික් වීඩියෝ වලටත් එන්න කියලලු. ඉතින් ශිහාන්ට මේ නිසා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලාලු. ඔහු මේ නිසා නීතිමය මාර්ගයෙන් කටයුතු කරන්න ඉදිරියේදී පියවර ගන්නවා කියලා තමයි ශිහාන් කියලා තිබුණේ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close