Hollywood & Bollywood
Trending

තමන්නාට රිතික්ව සිපගන්න ඔ්නෙලු…




දකුණු ඉන්දියානු නිළි තමන්නා බාතියා සැබවින්ම සුරූපිනියක්. ඇයගේ ආකර්ෂණීය රංගනය කොලිවුඩ් හා බොලිවුඩ් නිර්මාණවලින් අපට දැක ගන්නට ලැබෙනවා. තමන්නා තුළ තිබෙන විශේෂත්වය වන්නේ ඇය මේ වන තුරු කිසිම අවස්ථාවක කිසිම හේතුවක් නිසා කිසිම නළුවෙක් සිපගෙන නැහැ. එවැනි සිපගන්නා දර්ශන ඇය සූක්ෂම ලෙස මගහරිනවා.
තමන්නා මේ වන විට චිත්‍රපට රැසකටම ඇගේ රංගන දායකත්වය ලබාදී තිබෙනවා. මේ අතරින් බාහුබලි වැනි දැවැන්ත නිර්මාණ වඩාත් කැපී පෙනෙනවා. ඇයගේ රංඟන ජීවිතයට වසර 14ක් පමණ වනවා. මේ කාලය තුළ තමයි ඇය කිසිම සිප ගැනීමේ දර්ශනයකට සහභාගී නොවී සිටීමේ ප්‍රතිපත්තිය ආරක්ෂා කරගන්නේ.
ඇයට ලැබුණ සෑම නිර්මාණයක්ම භාරගෙන තිබෙන්නේ මෙම කොන්දේසියට එකඟවෙලාලු. කෙසේ වුණත් තමන්න ඉතාම ප්‍රිය කරන බොලිවුඩ් නළුවා වන රිතික් රොෂාන් එක්ක එවැනි සිපගැනීමේ දර්ශනයකට සහභාගී වන්න තමන්නා දෙවරක් නොසිතන බව ප්‍රකාශ කරලා තියෙනවා. තමන්නා ඒ තරමට රිතික් රොෂාන්ට ප්‍රිය කරන බව තමයි දැනගන්න ලැබෙන්නේ. තමන්නාට රිතික්ව ඉස්සෙල්ලාම මුණගැහුණ අවස්ථාව ඇය විස්තර කරලා තිබුණේ මෙන්න මේ ආකාරයට
“මම රිතික්ගේ හොඳම රසිකාවියක්. මෑතකදී මට රිතික්ව මුණගැසුණාම මම තිගැස්සුණා. මට ඇත්තටම අදහා ගන්න බැරිව ගියා. මම ඔහුට එතරම් ප්‍රිය කරනවා. මම ඔහුගේ රසිකාවියක් වගේම ඔහුව මුණගැසීම සතුටක් බවත් ඒ් වෙලාවේ රිතික්ට කියා සිටියා. මම වෙන කිසිවක් කියාගන්න බැරිව ඔහු දෙස බලා සිටියා. ඒ වෙලාවේ මට ඔහු සමඟ ඡායාරූපයකට පෙනී සිටිමට ආරාධනා කළෙත් ඔහුමයි. ඇත්තෙන්ම මට එය අදහාගත නොහැකි සිදුවීමක් වුණා.”

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close