GossipsHollywood & Bollywood
Trending

තට්ටු නොකර බෙඩ් රූම් එකටවත් නොයන ශාරුක්ගේ පුදුම පුරුද්ද.

Shahrukh Khan




Shahrukh Khan Exclusive from Starfriends.lk

බොලිවුඩ් සිනමාවේ සිටින සැම අතින්ම සාර්ථක රංඟන ශිල්පියා ලෙස ශාරුක්ව හඳුන්වා දීම සම්බන්ධයෙන් ඔයාලා අපිත් එක්ක උරණ වෙන්නේ නැති වෙයි. ලෝක ධනවතුන් අතර ඉදිරිපෙළ සිටින ශාරුක් බොලිවුඩ් සිනමාවේ පහළ වූ වඩාත් ආකර්ශනීයම රංඟන ශිල්පියා ලෙස හඳුන්වා දීම ද වරදක් නෙමෙයි. මේ දවස්වල ශාරුක්ගේ සීරෝ සිනමා කෘතිය විශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන සිටිනවා.

යන යන තැන පැපරාසින් ඇහැ ගහගෙන ඉන්න රටක, කිසිම ආකාරයක නරක කටකතාවක් හදාගන්නේ නැතිව මේ තරම් කාලයක් ඉන්නවා කියන්නේ හිතාගන්නවත් අපහසු කාරණාවක්. ඒත් ශාරුක් ඒ ගෞරවය දෂමයකින්වත් අඩු කරගන්නේ නැතිව රඳවා තබාගන්නවා.

විශේෂයෙන්ම ශාරුක් කාන්තාවන්ට respect කරන කෙනෙක් බව හැමෝම දන්නවා. ඔහු තමන්ගේ බිරියට විතරක් නෙමෙයි දුවටත් එක ලෙස ගෞරවය කරනවා. ශාරුක් මේ ගැන තේරුම් කරන්න හරිම ලස්සන කතාවක් කියනවා. ඒ මෙහෙමයි,

” අපි බැඳලා අවුරුදු 30ක්. ඒත් අද වනතුරු මම ගෞරිගේ පසුම්බිය බලලා නැහැ. ඒ වගේම මම කොහේ හරි ගිගින් ඇවිත් අපේ නිදනකාමරයට යනවා නම් ඊට කලින් දොරට තට්ටු කරනවා. ගෞරි ඇඳුම් මාරු කරනවා නම් මම එකපාරට ඇතුලට යන්නේ නැහැ. ඒ වගේම මම මගේ දුවගේ කාමරයට ගියත් දොරට තට්ටු කරලයි යන්නේ. එයාලා දන්නවා ඒ තට්ටු කරන්නේ මම කියලා. ඒත් ඒ එයාලගේ අවකාශය. මම ඒක තේරුම් අරගෙන ඉන්නේ”

බලන්න ශාරුක් කොයිතරම් හොඳ ස්වාමිපුරුෂයෙක් ද , කොයිතරම් හොඳ තාත්තා කෙනෙක්ද කියලා. අනෙකාගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න පුළුවන් නම් එතන ගැටුමක් ඇතිවන්නේ නැහැ. අනෙක් අතට තමන්ගේ දුවට බිරියට පවා ගෞරව කරන පිරිමියෙක් ලෙස ඔහු සමස්ත පිරිමි වර්ගයටාටම ආදර්ශයක් සපයනවා.

ශාරුක්ගේ සාර්ථකත්වයේ රහස තමයි මේ. ඔහු වරක් දුම්වැටි සිගරට්වලින් ඈත්වෙලා සමාජයට විශාල ආදර්ශයක් ලබා දුන්නා ඔයාලට මතක ඇති. අද ඔහු ගැහැණියට ගෞර්වය දක්වන්න කියන පණිවුඩය තමා තුළින්ම ලබා දෙනවා.

තමන්ගේ මවට, සහෝදරියට, හිතවතියට, දියණියට ගරු කරන, ශාරුක් වගේ smrt පුරුෂයෙක් වෙන්න ඔයාලත් ආසයි නම් අනෙකාට ගෞර්වය දක්වන්න පුරුදු වෙන්න.

Shahrukh Khan Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close