Daily News
Trending

ඩිලන්ත මාලගමුවගේ දුවටත් ජයමංඟලම්.

Dilantha Malagamuwa




Dilantha Malagamuwa Exclusive from Starfriends.lk

ඩිලන්ත මාලගමුව කියන්නේ අපේ රටේ නම ජාත්‍යන්තරයට අරගෙන ගියපු වීරයෙක්. ඒ ගමන කොහොමටවත් ලේසි පහසු එකක් නෙමෙයි. ඔහු තෝරා ගන්නේ අපි වැනි තුන්වැනිපාන්තික රටකට කිසිසේත් දරාගන්න බැරි ක්‍රීඩාවක්. ඒ තමයි මෝටර් රථ ධාවනය. එහිදීත් ඔහු තෝරා ගන්නේ ලැම්බෝගිනි වීම විශේෂත්වයක්. ඩිලන්ත මාලගමුව ජාත්‍යන්තර තලයේ ලැම්බෝගිනි ධාවන ශූරයකු බවට පත් වුණත් ඔහුගේ ජීවන විලාසිතාවේ තිබෙන නිහතමානීකම අල්පමාත්‍රයකින් වෙනස් වෙලා නැහැ. ඒ නිසා ඔහු තමන්ගේ නිල් පැහැති ලැම්බෝගිනියෙහි නිහතමානී ශ්‍රී ලාංකිකයින් කියන නාමයද ලියා ගන්නවා.

මේ වන විට ඩිලන්ත මාලගමුව කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඔහු නමින් විවිධ නිෂ්පාදන පවා නිර්මාණය වෙනවා. රජයක් හැටියට පවා ඩිලන්ත වැනි ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයකුට අත දෙන්න අපහසුයි. ඒකට හේතුව ඔහු තෝරාගෙන තිබෙන ක්ෂේත්‍රය දියුණු රාජ්‍යවලට අයිති එකක් වීම. එහෙම තත්ත්වයක් යටතේ මේ පුංචි ශ්‍රී ලාංකිකයා තනියම ආපු දුර හුඟක් වටිනවා.

අපි මේ කිව්වේ ඩිලන්තට ආඩම්බර වෙනවා නම් කාරණා ඔිනෑතරම් ඇති බව. පසුගිය දිනක ඩිලන්තගේ ජීවිතයේ සුවිශේෂී දිනයක් උදාවුණා. ඒ ඔහුගේ ආදරණීය දියණියගේ විවාහ මංඟල්‍ය උත්සවය. මේ අවුරුද්ද පටන් ගත්තේම විවාහ උත්සවශ්‍රීයෙන්. කලා ලෝකයේ සිදුවන විවාහ උත්සව නම් අතිශය කතාබහට ලක්වෙන දැවැන්ත උත්සව. කවදත් නිහතමානී සරල මිනිසකු ලෙස හඳුනාගෙන සිටින ඩිලන්ත මාලගමුව සිය දියණියගේ විවාහ මංඟල්‍යය බොහොම චාමෙට අරගෙන තිබුණ බව තමයි අපිට දැකගන්න ලැබුණේ. ඩිලන්ත විවාහ වී සිටින්නේ ජපන් ජාතික කාන්තාවක් සමඟ. ඔහුගේ ගමනට ඇයගෙන් ලොකු සහයෝගයක් ලැබුණ බව ඔහු අවස්ථා කිහිපයකදීම පවසා තිබුණා. ඉතින් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාගේ දියණියට වාසනාවන්ත විවාහ දිවියකට ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් වෙතින් සුබපැතුම් පිරිනැමෙනවා.

Dilantha Malagamuwa Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close