Daily News
Trending

ටෙහාන් මනමාලිව හැමෝටම පේන්න යූටියුබ් දාලා…




ටෙහාන් පෙරේරා කියන්නෙ තරුණ තරුණියන්ගේ හද බැඳගත්ත තරුණ ගායකයෙක්නෙ. මේ පාර ටෙහාන් හරි අපූරු වැඩක් කරනවා. ඒ තමයි ඔහුගේ මනමාලිව අන්තර්ජාලයට මුදාහරින එක. මනමාලියේ කියලා ටෙහාන් මේ විදියට හඳුන්වා දෙන්නෙ එයාගේ අලුත්ම මියුසික් වීඩියෝ එක. ඇත්තටම මනමාලියේ කියන්නෙ බලාගෙන ඉන්න ආස හිතෙන තරමේ සුන්දර මියුසික් වීඩියෝ එකක්. පාසල් වයසේ යෞවන ප්‍රේමයේ සුන්දරත්වය ගැන තමයි ටෙහාන් මේ විදියට කතා කරන්නේ. මනමාලියේ ගීතයේ සංගීතය අශාන් ප්‍රනාන්දුගේ. ඒ වචන ලියවෙන්නෙ සම්පත් ප්‍රනාන්දු පුල්ලේ ගේ අතින්. ඒ වගේම මේ සුන්දර මියුසික් වීඩියෝව අධ්‍යක්ෂණය කරන්නෙ වාසව බදුගේ.

හාදුවක් තියලා…කෝලයෙන් බැලුවා…
ඒ කතාව පටන්ගන්නෙ එහෙම වුණාට අවසන් වෙන්නෙ

හැඟුමන් හිරි වැටිලා වාගේ…

හිත හිරිවට්ටගෙන රසවිඳින්න පුළුවන් වෙනස්ම ආදර ගීතයක් ඔයාලටත් මනමාලියේ තුළින් දැන් රස විඳින්න පුළුවන්.

Show More
Close