Daily News
Trending

ටීෂර්ට්ස් ඇඳලා රබර් සෙරෙප්පු දාගෙන උද්දිකයි සාරංගයි ගියපු වෙඩින් එක.




සාරංග දිසාසේකර සහ උද්දික ප්‍රේමරත්න කියන්නේ වර්තමාන පරම්පරාවේ සිටින දක්ෂ රංඟන ශිල්පීන් දෙපළක්. මේ දෙන්නාගේම ටෙලි නිර්මාණ මේ මොහොතේ විකාශනය වෙමින් තියෙනවා. ඒ වගේම දෙදෙනාම දක්ෂ නිවේදකයින් වගේම ගායකයින් ද වෙනවා. එතැනින් එහාට සාරංග සහ උද්දික කියන්නේ හොඳ යාළුවෝ.

හැබැයි ඉතින් සාරංග වගේම උද්දිකත් වෙඩින් එකකට යනවා නම් යන්නේ කිටමරලානේ. ඒ කියන්නේ කෝට් බූට් දාගෙන ජෙන්ට්ල්මන්ලා වගේනේ.

ඒත් මේ ළඟදී දවසක සාරංගයි උද්දිකයි රබර් ස්ලිපර්ස් දාගෙන ටී ෂර්ට්ස් ඇඳගෙන වෙඩින් එකකට යනවා.

වෙඩින් එක තිබුණේ පේරාදෙණිය රෙස්ට්හවුස් එකේ. සාරංග නම් කියන්නේ එයාගේ ජීවිතේ කවදාවත් ඒ විදියට වෙඩින් එකකට ගිහිල්ලා නෑ ඒත් උද්දික නිසා යන්න වුණා කියලා.

වෙඩින් එක උද්දිකගේ යාළුවෙක්ගේලු. ඒ යාළුවාව සර්ප්‍රයිස් කරන්න ඕනේ නිසා තමයි මේ විදියට ඇඳුමක් දාගෙන යන්න තීරණය කරලා තියෙන්නේ.

රෂ් කියලා ෆිල්ම් එකක ෂූට් එකකට රිවර්ස්ටන් ගිහිල්ලා නැවත කොළඹ එන ගමන් තමයි මේ අමුතු සර්ප්‍රයිස් එකත් කර ගෙනම යන්න තීරණය වෙන්නේ.

හොඳට ඇඳලා කියලා හිටපු සෙනඟ අතරට නෝර්මල් ඇඳුමකින් ගිහිල්ලා උද්දිකයි සාරංගයි මනමාලයාව සර්ප්‍රයිස් කරන්න හිතුවට මොකද ඊට කලින් ඒ දෙන්නව සර්ප්‍රයිස් වුණා කියලා නම් කියන්න ඕනේ. ඇයි ඉතින් හැමෝම බලනවානේ මේ දෙන්නා දිහා.

Tags
Show More

Related Articles

Close