Daily News
Trending

ටැටූ ගහන්න ආසයි.-නිෂී සමරවීර

Nishi Samaraweera




Nishi Samaraweera Exclusive from Starfriends.lk

ටැටූ කියන්නේ තවමත් ලංකාවේ සම්ප්‍රදායික සමාජය ප්‍රතික්ෂේප කරන විලාසිතාවක්. විශේෂයෙන්ම ගැහැනු අය ටැටූ ගහන එක සම්බන්ධයෙන් බහුතර සමාජයේ වැඩි කැමැත්තක් නැහැ. ඒ වුණාට ඉතින් ටැටූ කියන්නේ එහෙම අසෝබන විලාසිතාවක් නම් නෙමෙයි.

ටැටූ ගහන්න කලින් හොඳට හිතන්න ඕනේ. මොකද ටැටූ එකක් මකන්න ඒ තරම් පහසු නැහැ. නිෂී හරිම ආසයිලු ටැටූවලට. මේ වෙද්දිත් නිෂී ටැටූ කොටලා ඉන්නේ.

නිෂීගේ ෆැෂන් ටිප්ස් ගැන සති අන්ත පුවත්පතකට කියලා තිබුණා. ඒ සාකච්ඡාවේ හැටියට නම් නිෂීට ෆැෂන් නැතුවම බෑ වගේ. කාලෙන් කාලෙට අලුත්වෙන ෆැෂන් කරන්න නිෂී ආසයිලු. විශේෂයෙන්ම උස් අඩි සහිත පාවහන් පළඳින්න ඇය විශේෂ කැමැත්තක් දක්වනවා. එක එක ඇඳුමට ගැලපෙන පාවහන් විශාල ප්‍රමාණයක් නිෂී ළඟ තියෙනවාලු.

ෆැෂන් කියන්නේ හරියට නොකළොත් අමාරුවේ වැටෙන දෙයක්. නිෂී එහෙම අමාරුවේ වැටිච්ච අවස්ථා නැතුව නෙමෙයි.

ඔන්න දවසක් නිෂී වෙඩින් එකකට යන්න ගවුමක් ගත්තාලු. ඒක කරෙන් ඕපන් එකක්ලු. ෆිටෝන් එක අප්සට් ගිහින් එදා නිෂී වෙඩින් එකේ ඉඳලා තියෙන්නේ ගවුම අතින් සකස්කරන ගමන්. එදා නම් නිෂී ෆැෂන් එක නිසා සෑහෙන අපහසුවෙන් ඉඳලා තියෙන්නේ.

ජිම් යනවා කියන කාරණයත් නිෂීට අත්‍යවශ්‍ය දෙයක්. කෑම පාලනයයි ජිම් යෑමයි කියන කාරණා දෙකම නිෂීගේ අත්‍යවශ්‍ය කාරණා.

ඇය කොහොමටත් ලස්සනට අඳින පළඳින කෙනෙක්නේ. ඒ සඳහා ඇය ෂොපින් කරනවා. ඒ හැමෝම වගේ ඉන්ටර්නෙට් එකෙන් නම් නෙමෙයි. ඉතින් නිෂී කැමතියි නිල් සහ කළු පාට මැච් කරලා අඳින්න. ඒ වගේම ඇය කැමති සරලව ඉන්නවා කියන කාරණයට වඩා ලස්සනට ඉන්නවා කියන කාරණයට බවත් පේනවා.

Nishi Samaraweera Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close