Daily News

ට්‍රැෆික් එකේ හිරවෙලා හිටපු පූජාට පාසල් ළමුන් පිරිසක් කරපු අමුතු තාලෙ ආරාධනාවක්…




මේ ලංකාවේ තියෙන කවදාවත්ම විසඳුමක් නැති ප්රශ්නය තමයි ට්රැෆික්. මොන වැඩේට ගියත් ට්රැෆික් එක නිසා කාලය නාස්ති කරගන්න වෙනවා.

වුණාට මේ කියන්නෙ නම් ට්රැෆික් එක නිසා පොඩි දරුවෝ පිරිසකට ලැබුණ අපූරු අවස්ථාවක් ගැන. ඔන්න දවසක් පූජා කොහෙදෝ ගමනක් යන අතරමගදි ට්රැෆික් එකක හිරවෙනවා. පූජාගේ වාහනේට අනෙක් පැත්තෙන් තිබුණේ පාසල් දරුවන් රැගෙන යන බස් රථයක්. මේ දරුවෝ අහම්බෙන් වගේ පූජාව දකිනවා. ඊට පස්සේ නම් ඉතිං පූජාට විසුමක් වෙන්නෙ නෑ.

ජනෙල් වීදුරුවලින් ඔළුව දාගෙන මේ දරුවෝ පූජා එක්ක හරි හරියට කතා කරනවා. පූජත් ඉතිං මගතොටේදි කවුරු දැක්කත් හිනාවෙලා කතා කරන කෙනෙක්නෙ. ඉතිං පොඩි දරුවෝ එක්ක පූජාත් කතාවට වැටෙනවා.

අපිවත් ෆිල්ම් එකකට ගන්නකොපොඩි ළමයි ටික පූජාට කියනවා. මේ ළමයි දැල්පන්දු තරගයකට සහභාගී වෙන්න යනගමන් තමයි හිටියේ. මේ ඉස්කෝලෙ අට, නමය පන්තිවල දරුවෝ. මාතලේ පැත්තෙ පාසලක් කියලා තමයි ආරංචි. අන්තිමට මේ දරුවන් සියලු දෙනාම පූජාට ආරාධනාවකුත් කරනවා. මාතලේ ආපු වෙලාවක එයාලව බලන්න ඉස්කෝලෙට එන්න කියලා.

මෙහෙම කතාවට වැටිලා ඉන්න අතරේ ට්රැෆික් එකේ හිටපු වාහන එක දිගට හෝන් කරන්න ගන්නවා. ඊට පස්සේ තමයි මහපාර මැද්දේ සිදුවුණ මේ සතුටු සාමීචිය අහවර වෙන්නෙ.

Show More

Related Articles

Close