GossipsHollywood & Bollywood
Trending

ටයිගර් ශෙරෝෆ්ට love එක ෂුවර් නෑලු.

Tiger Shroff




Tiger Shroff Exclusive from Starfriends.lk

ටයිගර් ශෙරෝෆ් කියන්නේ ජැකී ශෙරෝෆ් ගේ පුතා කියලා ඔයාලා දන්නවානේ. දැන් ටයිගර් ඉතාම ජනප්‍රිය බොලිවුඩ් තරුවක්.

ටයිගර් සහ දීෂා පටානි අතර ආදර සම්බන්ධය බොලිවුඩ්වලට අමුත්තක් නෙමෙයි. මොකද මේ දෙන්නා නිතරම එක ඉන්නවා දකින්න ලැබෙනවා. දීෂා සහ ටයිගර් නිවාඩු ගත කරන්න පවා එහෙ මෙහෙ යනවා. ඒ තරමට ඔවුන්ගේ රිලේශන් ෂිප් එක විශ්වසනීයව ගොඩ නැඟී තියෙනවා. මේ නිසා දීෂා ටයිගර් ආදර අන්දරය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැති තරම්

කොහොම වුණත් පසුගිය දවසක ටයිගර් අමුතු කතාවක් කියලා තිබුණා. ඒ කරන් ජෝහාර් මෙහෙයවන කොෆි විත් කරන් වැඩසටහනේ දී. ඔහු පෙම්වතිය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවෙදී ටයිගර් කියලා තිබුණේ ඒක ඇත්තටම එහෙමද කියලා තවම හරියට දන්නේ නෑ කියලා.

“මට ඒක හරියටම කියන්න බැහැ. අපි දෙන්නා හුඟක් හොඳ යාළුවෝ. අපි දෙන්නාගේ සිතුම් පැතුම් ඉතාම හොඳින් ගැලපෙනවා. ඒ වගේම එයා එක්ක ඉන්නකොට මට ලොකු පහසුවක් දැනෙනවා. මට මේ ෆීල්ඩ් එකේ යාළුවෝ අඩුයි. ඒ නිසා දීෂාගේ යාළුකම මට හුඟාක් වටිනවා”

කරන්ගේ ප්‍රශ්නයට ටයිගර් පිළිතුරු ලබා දෙන්නේ ඒ ආකාරයට. නමුත් මේ පිළිතුර දීෂා මොන ආකාරයට භාරගත්තා ද කියන්න අපි දන්නේ නැහැ. කොහොම වුණත් ආදර සම්බන්ධය හෙළි කරන්න අදිමදි කරනවා කියන්නේ නම් එතන පොඩි කොස්සක් තියෙනවා කියන කාරණය. ටයිගර් – දීෂා අතර තියෙන සම්බන්ධය ලෝකයක් හමුවේ නිරාවරණයවෙලා තියෙද්දි ටයිගර් මෙහෙම කිව්වේ නිකම්ම වෙන්න බැහැ.

Tiger Shroff Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close