Daily News
Trending

ජැක්සන් ඇන්තනී බාලම ලේලිට ලියපු සින්දුව.Photos & Video

Sajith Anthony and Buwanika




Sajith Anthony and Buwanika |  Starfriends.lk

කතරට වහින වැස්ස සේ මල්වැසි ආවා
සුළඟට සලිත දියවැලක් ලා දළු පෑවා
විලකට නෙළඹු මල තුරේ පිනි බිඳු දෝවා
මලකට සුවඳ පොද වගේ මුවරද නාවා

මිහිරාව ආවා
මධු රහස කීවා

ඔය තුරුලෙමයි පියබඳේ
හිරු පායන්නේ මේ ජීවිතේ…

ඉහත පද වැල ලියවෙන්නේ අප්පච්චි කෙනෙකුගෙන් අලුත විවාහවුණ පුතෙකුට සහ ඒ පවුලට අලුතින්ම එකතුවුණ ලේලියකට. ඒ නිසා ඒ ගැන නොකියාම බැහැ කියලා හිතුනා.

ජැක්සන් ඇන්තනී (Jackson Anthony) පවුලට ලේලිවරුන් දෙදෙනකු සහ බෑනා කෙනෙකු එකම දවසේ එක් වූ බව ඔයාලා දන්නවානේ. ඒ අතරින් බාලම පුතා සජිත්ගේ අත ගත්තේ බුවනිකා මනීෂා. මේ දෙදෙනාගේ ප්‍රී ෂූට් එක තිබුණේ අරාබියේ කාන්තාරයක.

සජිත් විවාහයෙන් සතියක් යන්නත් කලින් ඔහුගේ රසික රසිකාවන්ට හරි අපූරු තෑග්ගක් තිළිණ කරනවා.

ඒ තමයි සජිත්ගේ අලුත්ම මියුසික් වීඩියෝව. කාන්තාරයේ දී නිර්මාණය වෙලා තිබුණ මේ අතිශය සුන්දර රූප රචනාව නිෂ්පාදනය කරන්නේ Darkroom.

“මිහිරාව ආවා” ලෙසින් ඊයේ 22 වැනිදා එළිදැක්වූ මෙම මියුසික් වීඩියෝව සුවිශේෂී වන්නේ එහි රචකයා ජැක්සන් ඇන්තනී වීමයි. ඔහු තමන්ගේ බාල පුතාට මුණගැහුන මනාලිය සහ ඔහුගේ බාලම ලේලිය ගැන තමයි මේ ගීතයෙන් කියා තිබුණේ. මෙහි melody එක Chinthaka Lakmal Jayakody ගේ.

මෙතෙක් අපි දැකලා තිබුණ මියුසික් වීඩියෝවලට වඩා “මිහිරාව ආවා” වෙනස් වන්න, එහි රූපරචනාවේ මනරම් දර්ශන ද හේතු වෙලා තියෙනවා.

සජිත් සහ බුවනිකා අතිනත ගත්තාට පසුව දෙමාපියන්ව බැහැ දැකීමට යන චාරිත්‍රය ද සිදුකොට අවසන්. ඒ සම්බන්ධ වීඩියෝපට ද අන්තර්ජාලයට එක්වෙලා තිබුණා.

ඇන්තනී පවුලේ බාලයා වූ සජිත් ඉතාම දක්ෂයෙක්. ඔහුට රංඟන ,ගායන, නර්තන ආදී සියලු කලා භාවිතාවන් පිහිටා තිබෙනවා. මේ නිසා බුවනිකාගේ ද සහයෙන් හොඳ නිර්මාණ එක්ක සජිත්ව ඔයාලට මුණගැහේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහි පෙරණිමිති ඔහුගේ අලුත්ම මියුසික් වීඩියෝවෙන් පවා පැහැදිලි වෙනවා.

Sajith Anthony and Buwanika |  Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close