Daily News
Trending

ජානකීගේ ඇඟට පැනලා සමිතා කරපු වින්නැහියක්.

Samitha & Janaki




Samitha Mudunkotuwa & Janaki Wijerathne Exclusive from Starfiends.lk

ජානකී විජේරත්නයි ,සමිතා මුදුන්කොටුවයි (Janaki Wijerathane, Samitha Mudunkotuwa) අතර තියෙන්නේ ගහට පොත්ත වගේ සම්බන්ධයක්. ඒ සම්බන්ධයට අවුරුදු පහළොවකට ආසන්න දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මේ සමීප සම්බන්ධතාව පිළිබඳව එක එක නැහැදිච්ච කටකතා පවා අහන්න ලැබුණ කාලයක් තිබුණා. ඒත් ජානකීවත් සමිතාවත් දශමයකින් හෝ වෙන් කරන්න කටකතා කරුවන්ට නොහැකි වෙනවා. ඒ නිසා මේ දෙන්නා අදටත් සමීප මිතුරියන්.

ජානකී කියන ආකාරයට සමිතා සහ ඇයට ඥාතිත්වයක් තියෙනවා. හැබැයි ඔවුන් නෑකම් පවත්වාගෙන ඇවිත් නැහැ. මේ නිසා ජානකී සහ සමිතා මුණගැහෙන්නේ සමීප මිතුරියන් ලෙස. දෙන්නම හිතන පතන විදිය, ජීවන රටාව එකම වගේ නිසා තමයි මේ සමීපස්ථ බව ඇතිවන්නේ. නිෂ්පාදිකාවක් ලෙස හඳුනාගෙන සිටින ජානකී සිය සමීපතම මිතුරිය පිළිබඳව හොඳ වගේම නරකත් මේ ආකාරයෙන් හෙළි කරනවා.

සමිතා එයාගේ ශරීර සෞඛ්‍යය ගැන පොඩ්ඩක්වත් සැළකිලිමත් නැහැ. ඒ ගැන නම් ජානකීට තියෙන්නේ කේන්තියක්. හැබැයි ඉතින් මොන ප්‍රශ්නයක් ආවත් ඒ සියල්ල හංගගෙන ලෝකෙට පේන්න හිනාවෙලා ඉන්න පුළුවන් පුදුමාකාර ධෛර්යයක් සමිතාට තියෙනවා. ඒ ගැන නම් ජානකී මහ ඉහළින් අගය කරනවා. සමිතා තුළ තිබෙන ආත්ම ශක්තිය කාන්තාවකට හරි වටිනවා කියලා තමයි ජානකී කියන්නේ.

අම්මා කෙනෙක් වුණාට සමිතා හරිම සැහැල්ලුවෙන් සතුටින් ජීවත්වන කෙනෙක්. යාළුවෝ ළඟදී සමිතාට අම්මා කෙනෙක් කියන කාරණයත් අමතකයි. සමිතා කොයිතරම් විසේකාර මිතුරියක් ද කියනවා නම් ජානකීව දැක්ක ගමන් ඇඟට පැනලා බදාගන්න පුරුද්දක් සමිතාට තියෙනවාලු. දවසක් ජානකී ඇඳ උඩ නිදාගෙන ඉන්න වෙලාවක සමිතා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ වෙච්ච දේ ඔයාලට හිතාගන්න පුළුවන්නේ. සමිතා එකපාරටම නිදාගෙන හිටපු ජානකීගේ ඇඟ උඩට පැන්නාලු. ඒ වෙලාවේ දෙන්නම ඇඳ කඩාගෙන බිමට වැටිලා.

ජානකී වගේම සමිතාත් කවදාවත් තරහා වෙලා වැඩිවෙලා ඉඳලා නෑ. ඒත් දෙන්නගෙන් කවුරුහරි වෙන කා එක්ක හරි කොහේ හරි ගිගින් පොටෝ එකක් ගත්තාත් තරහා වෙලා ඉන්නවාලු. ඒ තරම් ගැඹුරු මිත්‍රත්වයක් තමයි එයාලා අතර තියෙන්නේ.

ජානකී ආහාර පාලනය කරලා ජිම් ගිහින් ශරීරයේ හැඩය පවත්වාගෙන යන නිසා සමිතා හරි කැමතියිලු. ජානකී අවදානම් දෙයක් කරන්න හදන හැම වෙලාවෙම ඒකෙන් ගලවා ගන්නේ සමිතාලු. හැබැයි වැඩිපුරම උපදෙස් දෙන්නේ නම් ජානකීලු.

සමිතා වගේම ජානකීත් හුදෙකලාවට කැමතියි. ඔවුන්ගේ මිත්‍රත්වයට ඉතාම සුන්දර මතක තියෙනවා.අලුත් ඇඳුමක් ඇන්දත් දෙන්නාම ඒ ඇඳුම ඇඳලා පින්තූර යවාගන්නවා. ඒවගේ අඩුපාඩු මූණටම කියාගන්නවා. ඒ තරම් හොඳ මිතුරියක් මතු භවයක සහෝදරිය වෙලා උපදිනවාට තමයි ජානකී කැමති.

Samitha Mudunkotuwa & Janaki Wijerathne Exclusive from Starfiends.lk

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close