GossipsHollywood & Bollywood
Trending

ජනප්‍රිය ලව් කතා පටන්ගත්ත හැටි. Exclusive Photos

Famous Celebrity Love Stories




Famous Celebrity Love Stories and How They First Met: Love Story Beginnings Exclusive from Starfiends.lk

රන්වීර් – දීපිකා (Ranveer & Deepika)

රන්වීර් දීපිකා ආදර කතාව ගැන ඔයාලා දැනටමත් දන්නවානේ. ඒ සම්බන්ධය හට ගන්නේ චිත්‍රාගාරයක් තුළදී. හැබැයි එතකොටත් රන්වීර් පෙම්වතෙක්. ඒත් දීපිකාව දැක්ක ගමන් ඇය ගැන ඔහුගේ හිතේ අදහසක් ඇතිවෙලා තියෙනවා. පෙම්වතුන් සමයේ දීපිකා සහ රන්වීර් නිතර නිතර මුණගැහිලා තිබුණේ භෝජනාගාරවලදී. ගෝලියෝන්කි රාස්ලීලා රාම්ලීලා චිත්‍රපටය රූගතවන සමයේ ඔවුන්ගේ ප්‍රියතම ස්ථානය වී තිබුණේ සංජේ ලීලා බන්සාලිගේ ගෙදර. දවසක් එහේ දී හරි අපූරු සිදුවීමක් වෙනවා. කකුළු මාළුවක් කකා ඉන්න අතරේ දීපිකාගේ දත් අතරේ කකුළු කටුවක් සිරවෙනවා. දීපිකා ඒ වෙලාවේ සෑහෙන අපහසුතාවට පත්වෙනවා. ඒක දැකපු රන්වීර් ඔන්න ඔයාගේ කටේ කකුළුවෙක් කියලා ජෝක් එකක් කරලා. තවත් අපහසුතාවට පත්වුණ දීපිකා කකුළුවෙක් ඉන්නවා නම් ඌව එලියට ගන්නවද කියලා රන්වීර්ට කඩා පැනලා. මේ සිදුවීම රන්වීර්ටයි දීපිකාටයි විතරක් නෙමෙයි සංජේ ලීලා බන්සාලිටත් අමතක වෙන්නේ නෑලු. දැන් නම් ඉතින් මේ දෙන්නා විවාහ වෙලා බොහොම සතුටින් ඒ උණුසුම අත්විඳින ගමන්නේ ඉන්නේ

විලියම් – කේට් (william & kate )

විලියම් සහ කේට් කියන්නේ මුළු මහත් ලෝකයකම අවධානය දිනාගත්ත කපල් ඒකක්නේ. එංගලන්තයේ ඔටුන්න හිමි කුමාරවරුන්ගේ අත ගන්නා වාසනාවන්තියන් සම්බන්ධයෙන් ලොව පුරා විශේෂ උනන්දුවක් තියෙනවා. ඒ අනුව ඩයනා කුමරියගේ වැඩිමහල් පුතනුවන්ගේ අත ගන්නට කේට් මිඩ්ල්ටන් කුමරිය සමත් වෙනවා. මේ දෙන්නා දැන හඳුනාන්නේ කොහොද කියලා ඔයාලා දන්නවාද? ඒ ආදර කතාව දැන් අවුරුදු 16ක් පැරණියි. ඔන්න දවසක් 19 හැවිරිදි කේට් විශ්වවිද්‍යාලයක නිරූපන සංදර්ශනයකට නිරූපනයක් ඉදිරිපත් කරන්න සහභාගී වෙනවා. මේ සංදර්ශනය නරඹන්න ආපු විලියම්ට කේට් ගැන කැමැත්තක් ඇතිවෙනවා. හැබැයි ඉතින් කේට් විලියම්ට කැමැත්ත දෙන්න සෑහෙන කාලයක් ගත්තා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

ශාරුක් – ගෞරි (Shahrukh and Gauri)

බොලිවුඩයේ තවමත් සිහින කුමරා ලෙස ආදරය දිනා ගත් කිංග් ඛාන් ගේ ආදර කතාවට ද තවමත් ඇත්තේ සුවිශේෂී ආකර්ශනයක්. බොලිවුඩයේ බොහෝ විවාහ ජීවිත විවිධ ගැටුම් හේතුවෙන් දෙදරා ගියද ශාරුක් සහ ගෞරිගේ ආදර කතාව තව තවත් ශක්තිමත් වෙමින් නොබිඳී පවතිනවා. මේ වනවිට ශාරුක් වැඩිවිය පැමිණි දුවණියක සහ පුතණුවකුගේ පියකු වන අතර ඔහුට තවත් කුඩා වයසේ පසුවන පුතෙකු ද සිටිනවා. ශාරුක්ට ගෞරිව මුණගැසෙන්නේ යාළුවකුගේ උපන්දින සාදයකදීලු. ඉතින් ඊට පස්සේ මේ දෙදෙනා ආදර සම්බන්ධයක් ඇතිකර ගත්තත් ගෞරිගේ අකමැත්ත නිසා අතරමඟදී එම සම්බන්ධය බිඳවැටෙනවා. ඒකට හේතුව ශාරුක්ගේ දැඩි නීති රීති අයට දරාගන්න බැරි වීමලු. කෙසේ හෝ ශාරුක් ගෞරිගේ කැමැත්ත දිනාගෙන ඇයව විවාහකර ගන්නවා. බොලිවුඩයේ සාර්ථකම පවුල් ජීවිත ගතකරන අතලොස්සට ගෞරි සහ ශාරුක් ද ඇතුලත් වෙනවා.

ඩේවිඩ් බෙකම් – වික්ටෝරියා බෙකම් (Beckham and Victoria)

ලොව ජනප්‍රියම ක්‍රීඩාවේ සුපිරි තරුවක් වන ඩේවිඩ් බෙකම් විවාහ වන්නේ වික්ටෝරියා එක්ක. මේ හමුවීමත් හරිම පුදුමාකාර එකක්. දවසක් බෙකම් එයාගේ යාළුවෙක් එක්ක ස්පයිස් ගර්ල්ස්ලා ගේ මියුසික් වීඩියෝවක් නරඹමින් හිටියාලු. ඒ වෙලාවේ බෙකම් විහිළුවට වගේ වීඩියෝ එකේ හිටපු කළු කෙල්ලක්ව පෙන්නලා කවදා හරි මං මෙයාව මැරි කරනවා කියලත් කිව්වාලු. ඒ වෙලාවේ යාළුවා බෙකම්ට හොඳටම හිනා වෙලා. ඒ දවස්වල බෙකම් කියන්නේ කිසිම කෙනෙක් දන්න කියන ජනප්‍රිය චරිතයක් නෙමෙයි. හැබැයි වික්ටෝරියා නම් ඒ් වෙද්දිත් හරිම ජනප්‍රියයි. ඉතිං මේ විහිළුව ඊට පස්සේ බෙකම්ට වගේම යාළුවාටත් අමතක වෙනවා. දවසක් බෙකම් පුහුණුවීම් කරන තැනට අහම්බෙන් වගේ අර එදා වීඩියෝ එකේ ඉඳලා පෙන්නපු කෙල්ල එනවා. එකපාරටම දැක්කගමන් බෙකම්ට ඇයව මතකයට එනවා. දෙපාරක් නොහිතාම බෙකම් ඇයගෙන් දුරකථන අංකය ඉල්ලනවා. ඇයත් සංසාර පුරුද්දට වගේ කිසිම මේ කිසිම කෙනෙක් නොදන්න කොල්ලාට ගුවන් ටිකට්පතක ලියපු නම්බර් එකක් දෙනවා. ජනප්‍රිය තලයේ ඉහළින්ම හිටපු වික්ටෝරියා මේ තරුණයාට දුරකථන අංකය දෙන්න තරම් කාරුණික වීම එක අතකට අදහන්න වටිනවා. අද දවසේ බෙකම් කියන්නේ ලොව අංක ඒකේ පාපන්දු ක්‍රීඩකයෙක්. මැන්චෙස්ටර් යනයිටඩ් පිළ වෙනුවෙන් ඔහු කැපීපෙනෙන සේවාවක් ඉටු කළා. මේ වන විට බෙකම් පාපන්දු ක්‍රීඩාවෙන් සමුගෙන සිටියත් පාපන්දු ලොවේ ඩේවිඩ් බෙකම් නාමය අමරණීයයි.

 

Famous Celebrity Love Stories and How They First Met: Love Story Beginnings Exclusive from Starfiends.lk

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close