Daily News
Trending

ජගත් බෙනරගම සමඟ එඩී ජයමාන්න නැවත උපදී…




ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට නවකතාවක් ඇසුරෙන් චිත්‍රපටයක් නිපදවෙනවා. ඒ තමයි කැලෑහඳ. කැලෑහඳ කෘතිය වගේම සිනමා පටයත් ජනප්‍රසාදය දිනාගන්නවා. මේ සුවිශේෂී කලා නිර්මාණය නාට්‍යයකට ගේන්න ඕනෙ කියන අදහස ඇතිවන්නෙ දයාරත්න රටගෙදර මහත්තයාට. ඔහු අධ්‍යක්ෂණය කරන කැලෑ හඳ ටෙලි නාට්‍යයට ප්‍රධාන චරිතයෙන් සහභාගී කරගෙන තියෙන්නෙ ජගත් චම්පික බෙනරගමව. ජගත්ට පැවරිලා තියෙන්නෙ එදා කැලෑහඳ සිනමාපටයේ එඩී ජයමාන්නට පැවරිලා තිබුණ රංඟ කාර්‍යය.
කොහොම වුණත් ජගත්ට කැලෑහඳ චිත්‍රපටය හරියට නරඹන්න අවස්ථවක් ලැබෙන්නෙ නැහැ. නමුත් ජගත් මේ චරිතය වෙනුවෙන් හුඟාක් කැප වෙනවා. ඔහු මේ වෙනුවෙන් රැවුල සහ කොණ්ඩය පවා වවන්න පටන්ගන්නවා. මේ නිසා ජගත්ට වෙනත් නිර්මාණයකට සම්බන්ධ වන්න ලැබෙන්නෙත් නැහැ. කොහොම වුණත් සාර්ථක රංගනයක් කියන්නෙ ඒ වගේ කැපකිරීම් එක්ක යන ගමනකට.

ජගත් එඩී ජයමාන්නට කොයි වගේ සාධාරණයක් ඉටුකරනවද කියලා අපි ඉදිරියේදි බලාගමු.

Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close