Daily News
Trending

චබියයි අනුහසයි ඕක්ලන්ඩ්වල වෙව්ලපු වෙව්ලිල්ල.




දන්නවනේ අනුහසයි චබියයි කියන්නෙ කවුද කියලා. ඒ දෙන්නට එහෙම කතා කරන්නේ මයික් හොඳේ.

මේ කියන්නෙ රවීන් කනිශ්ක සහ කනිශ්ක ප්‍රසාද් ගැන. දෙන්නා ඉතිං දැන් ගජ යාළුවොනේ. අපි මේ දෙන්නට ලේසියට අනුහසයි චබියයි කියලම කියනවා හොඳේ.

අනුහස් එයාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට පොඩි වීඩියෝවක් එකතු කරලා තිබුණා. ඒක බැලුවොත් ඔයාලටත් බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවනි. ඒ කියලා තියෙන විදියට අනුහසයි චබියයි දෙන්නම ඉන්නේ ඕක්ලන්ඩ්වල.

ඒ ඉන්න ගමන් කාමරේකට වෙලා දෙන්නත් එක්ක කිතිකවා ගන්නවා. මාරුවෙන් මාරුවට දෙන්නා කිති කවාගන්න එකට මරුවටම ගැලපෙන සවුන්ඩ් එකකුත් එකතු කරලා තියෙනවා. ඉතිං මේක සාමාන්‍ය මනුස්සයෙක්ට නම් හිනා නොවී බලන්න පුළුවන් වීඩියෝවක් නෙමෙයි.

අනුහසා චබියව කුචුකවනවා. චබියා අනුහසාව කුචුකවනවා. දෙන්නා මාරුවෙන් මාරුවට වයිබ්‍රේට් වෙනවා. ඒ වෙව්ලිල්ල හරියට නිකං කහඹිලිය ගෑවුණා වගේ.

අනේ අම්මපා මේ දෙන්නට තියෙන දාංගලයක්. පිටරටකට ගියා කියලා නෑ කොල්ලෝ කොල්ලෝ එකතු වුණාම ඉතිං ඔහොම තමයි.

කොහොම වුණත් අනුහස්ගෙයි චබියගෙයි කුචු කුචු දාංගලේ ඉන්ස්ටර්ග්‍රෑම් හරහා හැමෝම එක්ක බෙදාගන්න හිතපු එක නම් හොඳයි. මොකද ඒක බලලා අපිටත් සිනාසී තරවෙන්න පුළුවන්නේ.

Tags
Show More
Close