Daily News
Trending

චන්දිමාල්ගෙන් තවත් රෝයල් වැඩක්. රූමත්ම තරුණියට මිලියන 25ක කිරුළක්…




චන්දිමාල් රෝයල් බර්ත්ඩේ පාටි එක අරගෙන ඒ උණුසුම නිමෙන්නත් කලින් තවත් ඒ වගේම වැඩකට අතගහනවා.

එදා රෝයල් බර්ත් ඩේ පාටි එකට ආපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය චන්දිමාල්ට හිතාගන්නවත් බැරි තෑග්ගක් දෙනවා. තෑග්ග මොකක්ද දන්නවද? ලෝක විවාහක රූ රැජින තරගයට ශ්‍රී ලංකාවෙන් සුන්දර යුවතියක් තෝරා ගැනීමේ අවස්ථාව චන්දිමාල්ට පිරිනැමීම.

ඉතිං ලෝක විවාහක රූ රැජන තරගයට ශ්‍රී ලංකාවෙන් තේරී පත්වන යුවතියට රාජා ජුවලර්ස් වෙතින් මිලියන තිහක් වටිනා කිරුළක් පළඳවන්න කටයුතු යොදා තිබෙනවා.

ඒ විතරක් නෙමෙයි ලෝක විවාහක රූ රැජන තරගය සඳහා තෙරී පත්වන යුවතියට එම සංචාරය වගේම ඒ සඳහා අවශ්‍ය ගුවන් ටිකට්පත් චන්දිමාල් ප්‍රමුඛ සංවිධායක මණ්ඩලයෙන් ලැබෙනවා. ඒ වගේම ජයග්‍රාහිකාවට ජනප්‍රිය සඟරා ද්විත්වයක පෙනීසිටීමට ද අවකාශ සැලසෙනවා.

මේ මාසයේ 25 වැනිදා දක්වා මෙම ලෝක විවාහක රූ රැජන තරගය සඳහා අයැදුම් කිරීමේ අවස්ථාව ඔබටත් උදා වෙනවා.

Show More

Related Articles

Close