Daily News
Trending

චතුරගේ කොපියක් චතුරට මීට් වෙලා.




පහුගිය දවස්වල ගෝල්ෆේස් අහසට කුරුල්ලන්ට කිට්ටු වෙන්නවත් ලැබුණෙ නැහැ. මුළු අහසම අයිති කරගෙන තිබුණේ නානාප්‍රකාර සරුංගල්. ගණන කීයක් ද කියන්න බැරි තරම් දහස් සංඛ්‍යාත ගණනින් සරුංගල් ගෝල්ෆේස් අහසේ පාවුණා. ඒක තමයි සරුංගල් සැණකෙලිය. දෙරණ සරුංගල් සැණකෙලියට කලාකරුවන් ද සහභාගී වී තිබුණා. ඒ අය අතර චතුර අල්විස් එහෙමත් හිටියා.

හිටි ගමන් චතුර ළඟට ආපු හාදයෙක් චතුරගෙ කරට එහෙම අත දාගෙන එයා චතුරගෙ කොපියක් කියල කියනවා. ඒත් චතුර හිනාවෙලා කියන්නේ නෑ නෑ මෙයාට වෙනම එකක් කරනවා කියලා.

කවුද දන්නවද මේ කොපිය. එදා සරුංගල් වැඩේ මෙහෙයවන්න සම්බන්ධවෙලා හිටපු අයගෙන් එක්කෙනෙක් තමයි ඔහු. නමින් අශේන්. අශේන් කට්ටියව ප්‍රශ්න කරන්නෙ අමුතුම ස්ටයිල් එකකට.

ඔහු චතුරගෙන් අහන්නෙ දේශපාලනේ කොහොම වේවිද කියලා. ඉතිං චතුර කියනවා ඔන්න අපි ගෝල්ෆේස් පිරෙව්වා. පුළුවන් නම් කොටු ගහලා ගණං හදාගන්න කියලා.

කොහොම හරි චතුරගෙන් දේශපාලනේට එනවද කියලා දැනගන්න අශේන් ට්‍රයි එකක් දෙනවා. ඒ වෙලාවෙ චතුර කියන්නෙ මෙන්න මේ වගේ කතාවක්.

සරුංගලේට දේශපාලනයක් නැහැනෙ. අපි මේ ජනාධිපති යටතේත් සරුංගල් යවනවා. කලින් ජනාධිපති යටතේත් සරුංගල් යැව්වා. ඉදිරියට එන කෙනා යටතේත් සරුංගල් යවනවා කියලා. එහෙම කියලා චතුර දේශපාලන කතාව ගාණට සරුංගල් කතාවට හරවගන්නවා.

එදා සරුංගල් සැණකෙලියට තවත් කලාකරුවන් රැසක් සහභාගී වෙලා හිටියා. ඒක ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වුණ හරිම විනෝදාත්මක සැණකෙලියක් බවත් කියන්න ඕනෙ

Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close