Daily News
Trending

“ගර්භාෂ” නිසා සෑහෙන්න දුක් වින්ඳා.




සචිනි අයේන්ද්‍රා මේ දිනවල ආසාවෙන් බලාගෙන ඉන්නේ ඇය රඟපෑ “ගර්භාෂ” කියන චිත්‍රපටය තිරගත වෙනකල්ලු.

ගර්භාෂ වෙනුවෙන් සචිනිට සෑහෙන කැපවීමක් කරන්න වෙනවා. ත්‍රස්තවාදී සංවිධානයක සමාජිකාවක් ලෙස තමයි ඇය පෙනී සිටින්නේ. මේ සඳහා සචිනි ඉතා මහන්සිවෙලා පුහුණුවීම් කටයුතු පවා සිදු කරනවා. මේ පුහුණුවීම් අතරතුර සචිනිට සුළු සුළු අනතුරු පවා සිදුවෙනවා. ගොඩාක් දුක් විඳලා වුණත් අවසානයේ සාර්ථක රංඟනයක් එකතු කරන්න සචිනිට හැකියාව ලැබුණාලු.

ගර්භාෂ චිත්‍රපටයට සචිනි සමඟ සෞම්‍ය, ප්‍රධාන චරිත නිරූපණය කරනවා. නුදුරු දිනක අපිට ගර්භාෂ නරඹන්න අවස්ථාව ලැබේවි.

සචිනි මීට කලින් රඟපෑ “නිම්නයක හුදකලාව” සිනමා නිර්මාණයත් මේ දිනවල නැවත කතාබහට ලක් වෙලා තියෙනවා. ඒ හිරු සම්මාන උලෙළ නිසා. එහි රංඟනය වෙනුවෙන් සචිනිගේ නම මේ වෙද්දිත් යෝජනා වෙලා අවසන්. ඒ ගැනත් සචිනිගේ හිතේ සුබදායී බලාපොරොත්තුවක් තියෙනවා.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close