Daily News
Trending

කිංස්ලි පීරිස්ගෙ පුතා මියගිය නැගණිය වෙනුවෙන් කරපු හද කම්පා කරවන කැපකිරීම




අතිශය ජනප්‍රිය ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ ගායක කිංස්ලි පීරිස්ව ඔයාලා දන්නවනේ. ඔහු කාලයක් ඉතාම ජනප්‍රිය වෙලත් හිටියා. මෑතකදි කිංස්ලිගෙ ආදරණීය චූටි දියණිය මිය යනවා. ඒ කාලයක් තිස්සේ තිබුණ අසනීප තත්ත්වයක් නිසා. මේ සිදුවීම කිංස්ලිට වගේම ඔහුගේ පවුලේ අයටත් දරුණු වේදනාවක් ගෙන දුන්නා. මේ චූටි දියණියගේ අයියට තමන්ගේ නංගිට එහෙම සමුදෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඇය කවීෂා මධුරංගි පීරිස්. මිය යන විට ඇයට අවුරුදු 12යි. තමන්ගෙ හුරතල් නැගනියගෙ වීයොවෙන් පස්සෙ ඇයගේ අයියා ඇය වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරනවා. ඒක තරමක වෙනස් කැපකිරීමක්.

මියගිය නැගණිය සිනාමුසුව සිටින රූපයක් ඔහු තමන්ගේ බාහුවේ කොටාගන්නවා. ජීවිත කාලය පුරාවටම නංගිව තමන් ළඟින්ම තියාගන්න අයියා කෙනෙක් කරපු ලොකු කැපකිරීමක් තමයි ඒ.

Show More
Close