Daily News
Trending

කාවිංග නංගි වෙනුවෙන් තියපු සංවේදී සටහන.




කාවිංග පෙරේරා කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක්. කාවිංග මීට මාස කිහිපයකට කලින් විවාහ වුනා කියලා ඔයාලා හැමෝම දන්නවනේ.ඔහුගේ විවාහය වගේම කාවිංග ආයෙත් ජයටම මංගල්‍ය‍යක් ගත්තා. ඒ වෙන කාගෙවත් නෙමෙයි කාවිංගගේ නංගිගේ විවාහය.
මේ නංගිගේ විවාහය ගැන ඔහු සංවේදි සටහනක් තියලා තිබුණා. නංගි මගේ හැම අමාරු කාලෙම ඔයා තමයි මගෙ ශක්තිය වුනේ. ඔයා වෙලාවකට හොද අසන්නෙක්, ගුරුවරයෙක්, උපදේශකයෙක්, හිතහදන්නෙක් ඒ වගේම මගේ හොඳම යාළුවා වුනේ ඔයා. අම්මයි අප්පච්චියි නැති වුනාම ඔයාගේ වගකිම වුනේ මම, මගේ වගකිම් වුනේ ඔයා. අපි දෙන්නට දෙන්නා අපිව බලාගත්තා. මට හිතාගන්න බැහැ ඔයා නොහිටියනම් වෙන දේ. අම්මා අප්පච්චි මට දීපු හොදම තෑග්ග තමයි ඔයා. අද ඔයාගේ විවාහ දවස ඔයාගේ තේරීම මමත් විශ්වාස කරනවා.. ඔයාට මොනදේ වුනත් මම හැමදාම ඉන්නවා කියලා මතක තියාගන්න.
මෙන්න මේ විදියට තමයි කාවිංග තමන්ගේ නංගිට සුභ පතලා තිබුණේ. නංගි කෙනෙක් ඉන්න හැම අයියා කෙනෙකුගේම හිතේ මේ වගේ ආදරයක් තියෙනවා. ඉතින් අපිත් කාවිංගගේ නංගිට සුභ පතනවා.
Tags
Show More
Close