Daily News
Trending

කාවිංගත් ඔයාලගේ ජීවිතේ ලස්සනම දවස් ප්ලෑන් කරන්න සූදානම්ලු.




කාවිංග පෙරේරා අලුත් වැඩකට අතගහලා කියලා ආරංචියි.

මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම දකින්න ලැබෙන කාවිංග අලුත් බිස්නස් එකකට අතගලා තියෙන්නේ ආර්ථිකය ස්ථාවර කරගන්න අවශ්‍ය වෙලාද දන්නෙත් නෑ.

කොහොම හරි මේක මේ හැමෝම කරනවා වගේ සැලෝන් එකක්, ඇඳුම් ෂොප් එකක් වගේ වැඩක් නම් නෙමෙයි. කොටින්ම කාවිංගගේ අලුත් ජොබ් එක මතක හිටින වැඩක්.

ඉවෙන්ට් ප්ලෑන් කරන වැඩක් තමයි කාවිංග මේ විධියට ආරම්භ කරලා තියෙන්නේ. ඔයාලගේ උත්සව අවස්ථාව හැමෝටම මතක හිටින අවස්ථාවක් බවට පරිවර්තනය කරන්න කාවිංගගේ කණ්ඩායම කටයුත් කරනවාලු.

“Book your next event with Kavinga perera”

ඒ අනුව බර්ත් ඩේ පාර්ටි, වෙඩින්ග්ස්, ලන්ච් පාර්ටි, එක්සිබිෂන්, ප්‍රඩක්ට් ලෝන්චස් මේ ඕනෑම උත්සව අවස්ථාවක් සරලව සහ ලස්සනට ප්ලෑන් කරලා දෙන්න මේ කණ්ඩායම සැදී පැහැදී සිටිනවා.

කාවිංග එක්ක ඔයාලගේ ඉවෙන්ට් එක කවදාවත්ම අමතක නොවන ලෙස ප්ලෑන් කරන්නේ zeroeightprodution pvt(ltd) කියන ආයතනය.

“Simply the best” මේක තමයි කාවිංගලාගේ තීම් එක වෙන්නේ.

ඉතින් ඔන්න කාවිංග එක්ක ඔයාලගේ ජීවිතේ සුවිශේෂී අවස්ථා සදාකාලික කරගන්න ඔයාලට හැකියාව තියෙනවා.

අනිත් වැදගත්ම කාරණය තමයි, කාවිංග ඉස්සරහටත් නළු භූමිකාවේ නිරත වෙන්නේ නැහැ කියලා තීරණයකට නම් ඇවිත් නැහැ. මේක ඔහුගේ වෙනත් වැඩක් විතරයි.

ඔයාලා ආසම විදියට ඔයාලාගේ ජීවිතයේ වටිනාම අවස්ථාව කාවිංග එක්ක ප්ලෑන් කරන්න ඔහුත් එක්ක එකතුවෙන්න කියලා මේ කියන්නේ.

අපිත් කාවිංගගේ අලුත් ආරම්භය සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබපතනවා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close