Daily News
Trending

කාලෙකට පස්සේ සරාගී බ්ලැක් වීඩියෝවක් එක්ක රන්දීර් සහ රවි ජේ කරලියට.




දැන් සින්දුවටත් වඩා හිට් වෙන්නේ මියුසික් වීඩියෝවනේ. ඇත්තටම හරියට අඳුන ගන්නවා නම් මියුසික් වීඩියෝ කියන්නේ කලාවක්. ඒක මාරම මාර නිර්මාණාත්මක භාවිතාවක්.

සින්දුවට කොහොමටවත් ගැලපෙන්නේ නැති කතන්දර විතරක් කියන මියුසික් වීඩියෝ ගැන නෙමෙයි මේ කියන්නේ. ජාත්‍යන්තරය පවා අඳුන ගත්ත ඇස පින වන කලාවක් ගැන. කන පිනවීමට බාධා නොකර ඇස පිනවන කලාවක් ගැන.

රන්ධීර් සමග රවි ජේ එකතු වෙලා කියන පට්ට සින්දුවකට බ්ලැක් වීඩියෝවක් නිර්මාණය වෙලා තියෙනවා. මේ කොලිටි එකේ බ්ලැක් වීඩියෝවක් ලංකාවේ මීට පෙර දැකලා තිබුණෙත් නැහැ. ඒ තරම් කොලිටියට වැඩේ කරලා තියෙනවා.

රන්ධීර් සහ රවි ජේ ගායනා කරන මේ ගීතයේ පද ප්‍රවීණ ගී පද රචකයකු වන උපුල් ශාන්ත සන්නස්ගලගේ. මියුසික් Ken Lappen ගේ. කොම්පෝස්ඩ් භාතිය ජයකොඩිගේ. මියුසික් වීඩියෝව චමිල් පතිරණගෙන්.

මියුසික් වීඩියෝව යූටියුබ් අප්ලෝඩ් කරලා වැඩි දවසක් යන්න කලින් ඉතා විශාල පිරිසක් දැනටමත් ඒක නරඹලා අවසන්. ඒ වගේම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබිලා තිබෙන බවත් පේනවා.

සරාගී බ්ලැක් වීඩියෝවක් නරඹලා වෙනස් අත්දැකීමක් ගන්න කියලා ඉතිං අපි ඔයාලටත් ආරාධනා කරනවා.

Tags
Show More
Close