Daily News
Trending

කාන්තාවන් යන එන තැන්වල දීෂ්ටිදාන කළු කුමාරයා…




සිනමාවට  කළු කුමාරයා කියන්නෙ අපේ ආත්තා මුත්තා කාලේ ඉඳලා ඉන්න, වයසට නොයන හාදයෙක්. එයාට තියෙන්නෙ ස්ත්රීන් පිළිබඳව ආශාවක්. නව යොවුන් වියේ ළමිස්සියන්ට කළුකුමාරයාගේ ඇල්ම බැල්ම වැටෙනවා. මේ නිසා බිම් කළුවර වැටුණ ගොම්මන් ජාමෙට ගමේ ගොඩේ කෙල්ලෝ තනි පංගලමේ එහෙමෙහේ යන්නෙ නෑ.  කළු කුමාරයාගේ බැල්ම වැටුණම ගෑනු ළමයි ඒක වසන් කරනව. මොකද ඒ ගෑනු ළමයා වත් දන්නෙ නෑ කළු  කුමාරයා තමන්ට බැල්ම දාලා කියලා. අදුරේ, වගුරේ, ජලපහරවල් ළඟ, මූකලානේ  කළු කුමාරයා බලාගෙන ඉන්නවා. මේ  කළු කුමාරයාගේ කතාව සිනමාවට එනවා කියන්නේ ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක කරන්න පුළුවන් ජයන්ත චන්ද්රසිරි වගේ දක්ෂ සිනමා අධ්යක්ෂවරයකුටම විතරයි. ඝරසර්ප කියලා අගෝස්තු 10 සිට තිරගත වෙන්නේ මෙන්න මේ  කළු කුමාරයාගේ කතාව. ඝරසර්ප කිව්වට එයාගෙ නම කළු කුමාර. කුමාරයෙක් වුණත් එයා යකෙක්. ඇස් වැහුවට වැඩක් නෑ. එයා රිංගන්නේ සිතිවිලි අතරට.

Sarfriends-Gar sarpaඊර්ශ්යාවේ ගින්නෙන් එයා ඇවිලිලයි ඉන්නේ. මේක කළු කුමාරයාගේ කතාව. ඒ ආවේශය ගන්නේ ජැක්සන් ඇන්තනී . කමල් අද්දරාආරච්චි, සංගීතා වීරරත්න, ශ්රියන්ත මෙන්ඩිස්,  කළු කුමාර කතාවට සම්බන්ධව සිටීමම මේ කතාවේ සාර්ථකත්වයට පූර්විකාවක්. කාවින්ද්යා අධිකාරි පළමු වතාවට රංඟනයට ගේන්නේ ජයන්ත චන්ද්රසිරි. ඒ  කළු කුමාර කතාවේ රංඟනයට ඉඩ දෙමින්. අපි මේ කතාවට ඇහුම්කන් දිය යුතුමයි. ඒ අපේ අඳුරු අවිඥ්ඥානයේ සොඳුරු ප්රතිබිම්භයයි.

Tags
Show More
Close