Daily News
Trending

ක්‍රිකට් මැච් එක අතරෙදි උදාරි විවාහ ගිවිසගෙනද?




මේ දිනවල වරින් වර අපට දකින්න ලැබුන දෙයක් තමයි ප්‍රේමවන්තයින් විවාහ යෝජනා හරි අපූරු විදියට තම ප්‍රේමවන්තියට ලබා දුන්න එක. කලා ක්ෂේත්‍රයම මේ දිනවල මඟුල් සක්වලක් කිවුවොත් හරි. මේ අතරේ වෙනස් විවාහ යෝජනාවක් අන්තර්ජාලයෙන් අපට දැකගන්න පුලුවන් වුනා.

පසුගියදා පැවති ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා ක්‍රිකට් මැච් එක අතරතුරදි තමයි මේ සිදුවීම වුනේ. ඒ උදාරි කෞෂල්‍යාට. උදාරි ඇගේ යහළුවන් පිරිසක් සමඟ ක්‍රිකට් මැච් එක බලන්න ගිහින් තිබුන අතර හදිස්සියෙම ඈ ළඟට ආපු පුංචි පිරිමි දරුවෙක් ඇයට විවාහ යෝජනාවක් කරලා තිබුණා. මේ පුංචි පුතා උදාරිට මුදුවකුත් පළඳවනවා ඒ වෙලාවේ.

මේ පුංචි පුතා ඇයට මුදුව පලදන අයුරු, ඔහු සමග විවාහ වෙනවද කියලා අහන වීඩීයෝව බොහෝ දෙනෙකුගේ මුවඟට සිනාවක් ද එකතු කරලා තිබුණා.

Tags
Show More
Close