Daily News
Trending

කලාකරුවන් ඉක්මනින් ඩිවෝස්වෙන හේතුව මහේෂි හෙළි කරයි.




ජනප්‍රිය මිනිසුන්ගේ පවුල් ජීවිත සම්බන්ධයෙන් නැගෙන චෝදනා මහේෂි ප්‍රතික්ෂේප කරනවා. දික්කසාදය වගේ අවස්ථාවන් සාමාන්‍ය මිනිසුන් අතරත් ඕන තරම් සිදුවෙනවා කියලා තමයි මහේෂි කියන්නේ.

දික්කසාදය සම්බන්ධයෙන් මහේෂිට තියෙන්නේ මෙන්න මේ වගේ අදහසක්.

සාමාන්‍යයෙන් කවුරුහරි ඩිවෝස් වෙනවා නම් එහෙම වෙන්නේ එකට ජීවත් වෙන්න බැරි නිසයි. ගොඩක් වෙලාවට කලා ක්ෂේත්‍රයේ අය දික්කසාද වෙන්නේ කාර්යබහුලත්වය නිසා. ඒ මහේෂිගේ අදහස.

රංඟන ශිල්පීන් කියන්නෙත් මිනිස්සුන්ට. එයාලට හැඟීම් දැනීම් තියෙනවා. ඔවුන් හරිම සංවේදී පිරිසක්. අනෙක් අතට රංඟනය කියන්නෙත් ලේසි පහසු කාර්යක් නෙමෙයි. කොච්චර ප්‍රශ්න තිබුණත් කැමරාව ඉස්සරහට ගිහිල්ලා රඟපාන්න ඕනේ.

මහේෂිට ලැබිලා තියෙන ජනප්‍රියත්වය සම්බන්ධයෙන් කළකිරෙන්නේ මඬ ගහනකොටලු. ඕන මඬක් සාක්ෂි ඇතුව ගහන්න කියලයි මහේෂි ඉල්ලා සිටින්නේ . ඕනම දෙයක් හොයලා බලලා සාක්ෂි එක්ක දානවා නම් ගැටලුවක් නෑ කියලත් ඇය කියනවා.

මහේෂි එයාගේ රසික රසිකාවියන්ගෙන් ඉල්ලීමකුත් කරනවා. “තමන් ගැන නෙමෙයි, ඕනෑම ශිල්පියෙක් හෝ ශිල්පිනියක් සම්බන්ධයෙන් ගොසිප් එකක් පළ වුණොත් ඒක විශ්වාස කරන්න එපා” ඒක තමයි මහේෂිගේ ඉල්ලීම.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close