GossipsHollywood & Bollywood
Trending

කරීනා රන්වීර් පළමු හමුව ගැන කරීනා කියන දේ.




බොලිවුඩය කියන්නේ සිනමා රජදහනක්. අලුත් අලුත් ෆිල්ම් දවසින් දවස හැදෙන තැනක්. නොයෙක් ආකාරයේ ප්‍රේම කතා නිරමාණය කරන කරන් ජොහාර්ගෙ 2020 දී තිරගත කරන්න බලාපොරොත්තු වෙන අලුත්ම සිනමා පටයේ වැඩ මේ දවස් වල ඔන්න පටන්ගෙනලු.

මේ සිනමා පටයේ ප්‍රධාන නළු නිළි චරිත වලට තෝරගෙන ඉන්නේ කරීනා කපූර් සහ රන්වීර් සිංලු. මේ දෙන්නා ප්‍රේමවන්තයින් විදියට තිරයේ රඟපාන පළමු අවස්ථාව කියලා තමයි කියන්නේ. කරීනා මේ ගැන කියලා තිබුණේ රන්වීර් එක්ක රඟපාන්න ලැබෙන එක ගැන ගොඩක් සතුටුයි කියලා. ඒ වගේම කරිනා කියලා තිබුණා රන්වීර් කියන්නේ මේ වෙනකොට බොලිවුඩයේ ඉන්න අද්විතීය නළුවෙක් කියලා. ඒ වගේම මේකේ වැඩ පටන්ගන්න බොහොම නොඉවසිල්ලෙන් ඉන්නවා කියලා.

Kabhi Khushi Kabhie Gham සිනමාපටයෙන් පසු කරීනා වසර ගණනාවකට පස්සේ තමයි කරන්ගේ සිනමා පටයකට එකතුවෙන්නේ. මේ දෙන්නගේ රංගනය බලන්නනම් ඉතින් 2020 වෙනකම් අපට බලන් ඉන්න වෙනවා.

Tags
Show More
Close