Daily News
Trending

කටකතාවලට පස්සේ අයිරාංගනී කියන කතාව.




රංඟන ශිල්පී අයිරාංගනී සේරසිංහ මහත්මිය අසනීපයෙන් පසුවන බවට කට කතාවක් පසුගිය දිනවල ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ ලැව් ගින්නක් සේ පැතිර ගියා. ඇත්තටම ඒක බොරුවක්. මේ ගැන හොඳින්ම හඳුනන අයිරාංගනී මහත්මිය ඒ සම්බන්ධයෙන් පළ කලේ මෙබඳු අදහසක්. මේ ආරංචිය අයිරාංගනී මහත්මිය දැනගන්නෙ යාළුවන්ගේ මාර්ගයෙන්. ඒ වෙලාවේ එතුමිය ඉඳලා තියෙන්නෙ නිවසට වෙලා පොතක් කියවන ගමන්. ඒක ඇහුවම මිනිස්සුන්ගේ මනසට මොනවා වෙලාද කියලා මට හිතාගන්න බැරිව ගියා. අයිරාංගනී මහත්මියට තරහා කාරයෝ, ඉරිසියාකාරයෝ, හතුරෝ එහෙමත් නැති නිසා මේ නොහොබිනා වැඩේ කළේ කවුද කියලා හරියටම කියන්න ඇය දන්නෙත් නැහැ. අනික මේ දේවල් ගැන හොයලා වදවෙන්න තරමට අහේනියක් එතුමියට නැහැ. මේ දිනවල අයිරාංගනී මහත්මිය වැඩිපුරම කාලය ගත කරන්නෙ පොත් කියවන්න සහ භාවනා කරන්නලු. මෑතකදි කිසිම රංඟන කාර්යයකට සම්බන්ධ වුණෙත් නැති නිසා ඇයට පොත් කියවන්න වෙලාවත් තියෙනවාලු. කොහොම වුණත් අයිරාංගනී සේරසිංහ නම් වූ අග්‍රගන්‍ය කලා ශිල්පිනියට අපි හදවතින්ම දීර්ඝායුෂ පාර්ථනා කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close