Daily News
Trending

ඕෂධී අනාගතය පටන්ගන්න යන්නේ කාත් එක්කද?

Oshadi Himasha




Oshadi Himasha Exclusive from Starfriends.lk

දැන් ටික දවසක ඉඳලා ඕෂධී සැඟවුණ අමුත්තෙක් එක්ක සෙල්ලම් කරනවා. ඇය පළ කරන ඉඟිවලින් නම් තේරුම් ගියේ කවුරු වුණත් ඔහු ඕෂධීගේ පෙම්වතා කියලා තමයි. ඉතින් කවුද මේ සැඟවුණ අමුත්තා කියලා ඕෂධී කෙලින් කියන්නේත් නැති නිසා ඔහු ගැන අපි ඔයාලාට කියන්න හිතුවා.

ආදරය කරන කාලේ ඒ හැටි මෙහෙම තමයි. අගේ කරලා අගේ කරලා තමයි පෙම්වතාව පෙම්වතියව හෙළි කරන්නේ. පොඩි පොඩි ඉඟිවලින් තමයි කුතුහලය අවුස්සන්නේ. ඒක සුන්දර සතුටක්. අපි ඒ සතුටට ඉඩ දීලා මේ ගැන කියන්න හදිස්සි නොවී ඉවසීමෙන් බලාගෙන හිටියා. ඒත් ඉතින් ඕෂධීගේ සැඟවුණ අමුත්තා අලුත් අවුරුද්දත් අරගෙන එළිපිට ආදරය ප්‍රකාශ කරලා තිබුණ නිසා අපිත් ඒ ගැන ඔයාලට කියන්න ඕනේ කියලා අදහස් කළා

ඔෂධී යාළුවෙලා ඉන්නේ නිරූපණ ශිල්පයත් ප්‍රගුණ කරපු, වෘත්තියෙන් ශ්‍රී ලංකා එයාර්ලයින් එකේ සේවය කරන මනෝජ් ප්‍රනාන්දු එක්ක. මනෝජ් නම් ඕෂධීට කියන්නේ සුදු බබා කියලා. ඔන්න දෙන්නා අලුත් අවුරුද්දේ අනාගතය පටන්ගන්න සූදානම් වෙනවාලු. මේ විස්තර අපි දැනගත්තේ මනෝජ්ගේ සහ ඕෂධීගේ ෆේස්බුක් පිටුවෙන්. ඕෂධී මනෝජ් එක්ක ගත්ත හරි ලස්සන කපල් ෆොටෝ එකක් එක්ක තමයි මේ ආරංචිය පළ කරලා තිබුණේ. මීට කලිනුත් විවිධ අවස්ථාවල මනෝජ් සහ ඔෂධී කපල් ෆොටෝස් පළකරනවා. හැබැයි ඉතින් දෙන්නාගේ අනාගතය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ පළමුවතාවට.

2019 අවුරුද්ද උදාවෙද්දි මනෝජ් හිටියේ එයාගේ සුදු බබා එක්ක. සුදු බබා කිව්වේ ඕෂධීට කියලා ඔයාලා දන්නවානේ. ඉතින් අවුරුදු උදාව දෙන්නාම හරිම සතුටින් සමරනවා. ඕෂධී නිලා කූරු පත්තු කරගෙන විනෝද වෙද්දී මනෝජ් ඇගේ බඳ වටේ අත දමාගෙන ඇයව ආදරෙන් අල්ලගෙන සිටින වීඩියෝවකුත් අන්තර්ජාලයට එකතු කරලා තිබුණා. අලුත් අවුරුද්දේ ඔෂධීගේ ලස්සන ආදර කථාව තව තවත් ශක්තිමත් වේවි. මේ ගැන වැඩි විස්තර දවසක අපි ඕෂධී එක්කම කතා කරමු.

Oshadi Himasha Exclusive from Starfriends.lk

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close