Daily News
Trending

ඕෂධීගේ සිඟිති දියණිය ලිසාරා මාධ්‍යයට.

Oshadi Hewamadduma




Oshadi Hewamadduma Exclusive from Starfriends.lk

ඕෂධී හේවාමද්දුම කියන්නේ අපේ රටේ බිහිවුණ සුරූපී රංඟන ශිල්පිනියක්. ඇයගේ පෞද්ගලික ජීවිතයේ සිදු වූ වෙනස්කම් නිසා ඇයට මෑතකදී රංඟන කටයුතුවලින් තරමක් ඈත් වන්න සිදුවුණා.

විවාහයෙන් පසුවත් සිය සුන්දරත්වය වෙනස් වන්න නොදී රැකගන්නට ඕෂධී සතුව සුවිශේෂී හැකියාවක් තිබුණා. ඇය විවාහක රූ රැජණ තරඟයට පවා ඉදිරිපත් වුණා.

මෙලෙස සාර්ථක විවාහ ජීවිතයක් ගත කරමින් සිටි ඕෂධීගේ පවුලට චූටි අමුත්තියක් එකතු වී ඇති බව අපි ඔයලාට කිව්වේ මීට මාස කිහිපයකට කලින්. මේ පුංචි අමුත්තිය හෙමින් හෙමින් ලොකු වුණා. දැන් එයා රෝස මලක් වගේ ලස්සනයි. ලිසාරා චූටි පැටියා එයාගේ අම්මා එක්ක ඉස්සෙල්ලාම මාධ්‍යයට ඉදිරිපත්වෙලා තිබුණා. ඒ නවලිය පුවත්පත කරපු පොටෝ ෂූට් එකකට පෙනී සිටිමින්.

ඕෂධීගේ පවුල දැන් අංගසම්පූර්ණයි. ඒ පවුලට දඟකාර පුතෙක් සහ හැඩකාර දුවක් ඉන්නවා. ඇයට දේශපාලන මතවාදයක් ද තිබුණා කියලා ඔයාලාට මතක ඇතිනේ. ඒ කටයුතු ඉස්සරහට කොයි ආකාරයෙන් විසඳේවිද කියලා අපි බලාගෙන ඉමු. ඕෂධීගේ ලයිෆ් එක සුන්දරව බිසී කරපු පුංචි පැටවුන් දෙන්නාව දැක බලාගන්න ඔයාලත් ආසයිනේ. ඒ වෙනුවෙන් තමයි මේ සටහන තැබුණේ.

Oshadi Hewamadduma Exclusive from Starfriends.lk

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close