Daily News
Trending

ඔස්කාර් සම්මාන උලෙළට ලංකාවෙන් චිත්‍රපට ‌‌දෙකක්.Exclusive Photos

Oscars 2018 - The 90th Academy Awards ceremony




Oscars 2018 – The 90th Academy Awards ceremony Exclusive from Starfiends.lk

ඔස්කාර් සම්මාන උලෙළ කියන්නේ ‌‌ලෝකයේ දැවැන්තම සිනමා සම්මාන උලෙළක්. ‌මේ සම්මාන උලළෙහි ප්‍රධාන ඛාණ්ඩය යටත‌ේ තරඟ කරන්න ලංකාවේ චිත්‍රපට දෙකකට අවස්ථාව ලැබිලා තියෙනවා. එවැනි ජයග්‍රහණයක් අපේ රටට උදා වන්නේ ඉතිහාසයේ පළමුවැනි වතාවට. ඒ් අනුව අනුරුද්ධ ජයසිංහගේ “ගින්නෙන් උපන් සීතල” සහ චන්ද්‍රන් රත්නම්ගේ “According to Matthew” යන සිනමාපට ද්විත්වය ඔස්කාර් සම්මාන උලෙළ නිය‌ෝජනය කරන්න සුදුසුකම් ලබනවා.

ඔස්කාර් සම්මාන උළෙලේ මූලිකම කොන්දේසිය වන්න‌ේ 2018 සිට 2018.12.31 යන කාල පරාසය තුළ අවම වශයෙන් ලොස් ඇන්ජලීස්වවල පිහිටි එක් සිනමා ශාලාවක මුදල් ගෙවා නැරඹීමේ පදනම මත, අවම වශයෙන් දිනකට දර්ශන වාර තුනක් (එක් දර්ශන වාරයක් ප.ව 6.00- ප.ව 10.00 අතර අනිවාර්යවේ) සහිතව අඛණ්ඩව දින 07ක් තිරගත වූ සිනමාපටයක් වීම. ඒ අනුව “ගින්නෙන් උපන් සීතල” සිනමාපටය සැප්තැම්බර් මාසයේදීද , “According to Matthew” සිනමාපටය දෙසැම්බර් මාසයේදීද ඇමෙරිකාව තුළ තිරගත වූූ නිසා ‌සෙසු ‌කොන්දේසි ද සළකා බලා එම චිත්‍රපට ඔස්කාර් සම්මාන උලෙල නියෝජනයට සුදුසුකම් ලැබුවා.

2019 වර්ෂයේදී ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙන්නේ 91 වෙනි වතාවට. ‌මෙහි ප්‍රධාන තරඟ ඛාණ්ඩයට ඇතුලත් වීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබන්නේ පළමු වතාවට වුණත්, කුමන හෝ තරඟ ඛාණ්ඩයක් ඔස්සේ ඔස්කාර් නියෝජනය කිරීමට ලංකාවේ සිනමාපටයක් පළමු වතාවට සුදුසුකම් ලබන්නේ 2004 වර්ෂයේ පැවති 76 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේදී. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කල හා චන්ද්‍රන් රත්නම් නිෂ්පාදනය කල “වෑකන්ද වලව්ව” සිනමාපටය. වෑකන්ද වළව්ව “හොඳම විදෙස් භාෂිත සිනමාපටය” (Best Foreign Language Film) නම් වූ තරඟ ඛාණ්ඩයේ මූලික වටයට ඇතුල් වීමට සුදුසුකම් ලැබීමට එදා සුදුසුකම් ලැබුවා. එයට අමතරව චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කල “අලිමංකඩ” (The Road from the Elephant Pass) සිනමාපටයද 2010 වර්ෂයේ පැවති 82 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ ” හොඳම විදෙස් භාෂිත සිනමාපටය” ඛාණ්ඩයේ මූලිකවටය නියෝජනය කිරීමට හැකියාව ලැබුණා. “According to Matthew” හරහා තෙවෙනි වරටත් , චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ සිනමාපටයක් ඔස්කාර් මූලික වටයට ඇතුලත්වීම කැපී පෙ‌ෙනෙනවා.

ශ්‍රී ලංකාවේ චිත්‍රපට ‌දෙක ද ඇතුලත්ව සිනමාපට 347 ක් 2019 වර්ෂයේ ඔස්කාර් ප්‍රධාන තරඟ ඛාණ්ඩයට ඇතුලත් වීමට සුදුසුකම් ලබා තිබෙනවා. ඊට ලොව සුපතල වූ “Black Panther”, ” Avengers: Infinity War”, “Jurassic Word: Fallen Kingdom”, “Venom” , “The Nun” සිනමාපට ද ඇතුළත්. ‌මෙම චිත්‍රපට නැරඹීමෙන් පසු ජන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම “Academy of Motion Picture Arts and Sciences” හී ජන්ද බලය හිමි සමාජිකයින් හට 2019.01.07 සිට 01.14 දක්වා වූ කාල පරාසය තුලදී හිමි ‌වෙනවා. එයින් ලැබෙන ප්‍රතිඵල අනුව සම්මාන උදෙසා වූ නිර්දේශන් (Oscar Nominations) ප්‍රකාශයට පත්කිරීම සිදුවන අතර, එලෙස ප්‍රකාශයට පත්කරන නිර්දේශන් උදෙසා ඇකඩමි සමාජිකයින්ගේ අවසන් ජන්ද විමසීම 2019.02.12 සිට 02.19 දක්වාවූ කාලය තුළ සිදුවන බව දැනගන්න ලැබෙනවා. අවසන් ඡන්ද විමසිමේදී වැඩිම මනාපයන්ට හිමිකම් කියන පාර්ශවයන් 2019.02.24 දින පැවැත්වෙන 91 වෙනි ඔස්කාර් සම්මාන රාත්‍රියේදී සම්මානයට පාත්‍ර වනවා.

ලෝකයේ දැවැන්ත සිනමා නිර්මාණ සමඟ තරඟ වදිමින්, ඇමෙරිකානු ජාතිකයින් අති බහුතරයකින් සැදුම්ලත් ඇකඩමි සාමජිකයින්ගේ මූලික කැමැත්ත මත ශ්‍රී ලංකාවේ සිනමාපට ද්විත්වයහට නිර්දේශ නාමයන් අතරට එක්වීමට ‌නොලැබුණත්, ඔස්කාර් පවතිනතාක් එහි ප්‍රධාන තරඟ ඛාණ්ඩය නියෝජනය කිරීමට සුදුසුකම් ලද පළමු ශ්‍රී ලාංකේය සිංහල භාෂිත සිනමාපටය ලෙසින් “ගින්නෙන් උපන් සීතල”ත්, පළමු ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි භාෂිත සිනමාපටය ලෙසින් ” According to Matthew” ත් ඉතිහාසගත ‌වෙනවා.

Oscars 2018 – The 90th Academy Awards ceremony Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close