Daily News
Trending

ඔව් මට වචන කතා කිරීමේ අපහසුවක් තියෙනවා. – භාතිය ජයකොඩි

Bathiya Jayakodi




Bathiya Jayakodi Life Exclusive from Starfiends.lk

ඉපදෙනකොට ඇඳිවතවත් නැතිව ඉපදෙන අපි කිසිම කෙනෙක් අංගසම්පූර්ණ මිනිස්සු නෙමෙයි. මොකක්ම හරි අඩුවක් ගැන ලත වෙන එක මනුස්ස ගතියක්. උත්පත්තියෙන් හිමිවෙන ශාරීරික අඩුපාඩු ගැන හිතින් කරදරවෙන එක තේරුමක් නැහැ. ජීවිතය කියන්නේ අභියෝගයක්. දිනනවා කියන්නේ ඒ අභියෝගවලට මුහුණදීමට.

Bathiya Jayakodi

භාතිය ජයකොඩි (Bathiya Jayakodi) කියන්නේ අනන්‍ය සංගීත ආරක් ඔස්සේ දේශීය සංගීත කලාව නවීකරණය කළ අති සාර්ථකම ගායකයෙක්. ඔහුගේ ගායන ජීවිතය සම්පූර්ණ වෙන්නේ එතැනට සන්තුෂ් වීරමන්ද (Santhush Weeraman) ආවම. මේ දෙන්නා යුගල සංගීතයේ තැබූ ලකුණ ජාත්‍යන්තරය දක්වා ගමන් කළා. ආශා බෝස්ලේ (Asha Bhosle) වැනි ප්‍රවීණ බොලිවිඩ් ගායිකාවන් පවා භාතිය සන්තුෂ් සමඟ ගීත කළා. එපමණට සාර්ථකත්වයක් අත්පත් කරගත් ගායක යුවලක් ලංකාවේ නැති තරම්.

Bathiya Jayakodi

දන්නවාද? භාතියට උපතින්ම වචන කතා කිරීමේ අපහසුවක් තිබුණා. මේ ගොතය කුඩා අවදියේ ඔහුට ලොකු කරදරයක් වෙනවා. පාසල් වයසේදී යාළුවන් අතරදිත් ඔහු අපහසුතාවට පත් වෙනවා. ඒත් කතා කිරීමේ අපහසුව ගැන හිත හිතා ජීවිතයේ පසුගමන් යන්නේ නැතිව භාතිය ඉදිරි පියවරක් තියනවා. කතා කරන්න යම් අපහසුතාවක් ඇති කෙනෙක් සංගීතය සහ ගායනය ජීවන වෘත්තිය ලෙස තෝරා ගන්නවා කියන්නේ ලේසි පහසු අභියෝගයක් නෙමෙයි. ඒකට ආත්ම විශ්වාසය තියෙන්න ඕනේ.

ගායකයෙක් ලෙස භාතිය දිනෙන් දිනම ජනප්‍රිය වෙද්දී ඔහු තුළ වූ වචන කතා කිරීමේ අපහසුව මඟහැරෙනවා. අනෙක් අතට ඔහු ඔහුගේ උත්පත්ති ස්වරූපයට වෛර කරන්නේ නැහැ. ඒ නිසා ඔහුට ඒ අපහසුව ලැජ්ජාවක් හෝ ගැටලුවක් වුණේ නැහැ.

භාතිය ජයකොඩි කියන අති සාර්ථක සංගීත ශිල්පියා බිහි වන්නේ අන්න ඒ විදියට තමන්ටම අභියෝගයක් වෙමින්. ඔහු මේ පිළිබඳව එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී කතා කරලා තිබුණා. එහි කොටසක් ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ අපිට දකින්න ලැබුණා.

අපි උපතින් රැගෙන ආපු ජීවිතයට ආලෝකයක් දෙන්න වගේම ඒ ජීවිතය අඳුරට හෙලන්නත් අපිට පුළුවන්. භාතිය ජාත්‍යන්තරය අභිබවා යන තරමටම ඒ ජීවිතයට වටිනාකමක් දෙනවා. ඒ ගමන වර්තමාන තරුණයන්ටත් ආදර්ශයක් බව කිවයුතුයි.

Bathiya Jayakodi & Santhush Weeraman
Bathiya Jayakodi
Bathiya Jayakodi & Santhush Weeraman
Bathiya Jayakodi & Santhush Weeraman

Bathiya Jayakodi Life Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close