Daily News
Trending

එයා මට දිගින් දිගටම කරදර කළා. – ලෝචනා ඉමාෂි

Lochana Imashi




Lochana Imashi Exclusive from Starfriends.lk

ලංකාවේ රංඟන ශිල්පිනියන් අතර හිටපු කටකාර දඟකාර නිළිය කවුද කියලා ඇහුවොත් ඔයාලට ඉස්සරවෙලාම මතකයට එන්නේ කාවද? ලෝචනා ඉමංෂිව නේද? හැබැයි ඉතින් විවාහ ජීවිතයෙන් පස්සේ කටකාර දඟකාර ලෝචනාට ටිකක් වෙනස් වෙන්න සිදු වුණා. මොකද ඇය දැන් බිරිඳක් විතරක් නෙමෙයි මවක් ද වන නිසා.

ළඟදි දවසක ලෝචනාට ෆේස්බුක් නිසා වෙච්ච අලකලංචියක් ගැන මාධ්‍යයට කියලා තිබුණා. ඒ සම්බන්ධයෙන් ඔයාලාව දැනුවත් කරන්න ඕනේ කියලා අපිට හිතුනේ අපිත් මේ කලාකරුවන්ට හුඟක් ආදරේ නිසයි. ඔන්න දවසක් ලෝචනාට අයගේ හිතවතියකගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. මේ හිතවතිය ලෝචනාට මතක් කරන්නේ දවසක් ලෝචනා වීඩියෝවකට ගන්න කියලා ඇයගේ ඡායාරූප වගයක් ඉල්ලා ගත්තා කියලා. ඒත් ලෝචනා එහෙම කාගෙන්වත් පින්තූර ඉල්ලගෙන නැහැලුනේ. මේ වැඩේ කරලා තියෙන්නේ ලෝචනා නමින් පෙනී හිටපු වෙනත් පුද්ගලයෙක්. හොඳ‌ වෙලාවට ලෝචනාට පුළුවන් වෙනවා මේ හිතවතියට ඇත්ත තත්ත්වය තේරුම් කරලා දෙන්න

සාමාන්‍යයෙන් ලෝචනාගේ ෆේස්බුක් ගිනුමේ ඉන්නේ දන්න කියන සීමිත පිරිසක්ලු.‌ ඒත් ලෝචනාගේ ෆෑන් පේජ් එක නම් රසික රසිකාවන්ට විවෘතයිනේ. රසික රසිකාවියන්ගෙන් කියලත් ඉතින් එන කරදරවල සීමාවක් නැහැ. සමහරුන්ට සීමාව කියන දේ වැටහෙන්නේම නැහැනේ. ලෝචනාගේ එක්තරා රසිකයෙක් කරදරයක් වන තරමට ඇයගේ ෆෑන් පේජ් එකේ හැසිරෙන්න පටන්ගන්නවා. මුලදි මුලදි ලෝචනා මේ පුද්ගලයා එක්ක හොඳ කෙනෙක් කියලා හිතාගෙන කතාබහ කරනවා. ඒත් පහු පහු වෙද්දි ලෝචනාට ඔහුගෙන් ගැලවීමක්ම නැති වෙනවා. ෆෑන් පේජ් එකට මොනවා දැම්මත් මේ කියන රසිකයා ඒවාට ප්‍රතිචාර දක්වන මට්ටමට එනවා. අන්තිමේ දි ඉතින් මොනවා කරන්නද? රසිකයෙක් කියලා බලාගෙන ඉන්න බැහැනේ. ඇය මේ පුද්ගලයාව ඉවත් කරන්න තීරණය කරනවා. විශ්වාස කරන්න ඒ පුද්ගලයා ෆෑන් පේජ් එකෙන් ඉවත් කරන වාරයක් වාරයක් පාසා නැවත ෆෑන් පේජ් එකට එනවා. ලෝචනා මේ කියන රසිකයා ගැන කියන්නේ අන්න ඒ ආකාරයට. මොහු ඇයට කොයිතරම් කරදරයක් ද කියනවා නම් හැම තිස්සේම තෑගි එවන්න කිය කියා ලිපිනයක් ඉල්ලනවාලු. ලෝචනාගේ පිටරටක ඉන්න යාළුවෙක්ට මේ ගැන කිව්වාම ඒ අක්කා පවා පුදුම වුණා ලු ලංකාවේ මේතරම් අසහන කාරයින් ඉන්වා කියලා දැනගත්තාම.

Lochana Imashi Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close