Daily News
Trending

එම් ජී ධනුෂ්ක කෝ?

M.G.Danushka




M.G.Danushka Exclusive from Starfiends.lk

රියැලිටි වේදිකාවේ අතිශය ජනප්‍රිය තරුවක් වූ එම් ජී ධනුශ්ක (M.G.Danushka) ඉතා වේගයෙන් මිනිසුන් අතරට ගිහින් පුදුමාකාර රසික ආකර්ශනයක් දිනාගත්තා. ඔහු සහභාගී නොවූ ප්‍රසංග වේදිකාවක් නැති තරම්. ඉතින් මේ ජනප්‍රිය ගායකයා පිළිබඳ කතා බහක් ටික දවසක ඉඳලා ඇහුනේ නැහැ. ඒකට හේතුව මොකක්ද? ඇත්තටම එම් ජී ධනුෂ්ක කෝ?

එම් ජී, එම් එස් ප්‍රනාන්දුගේ ගීත ගායනා කරනවාට එරෙහිව අධිකරණ වාරණයකුත් පැනවුණා. ඊට පස්සේ ඔහුට ප්‍රසංග වේදිකාවේ දී එම් එස් ගේ ගීත ගායනා කරන්න බැහැ. ඒ නිසා එම්.ජී තමන්ගේ ම ගීත ගායනා කරන්න පෙළඹුණා.

ඇත්තටම එම්ජී ධනුශ්කට එදා තිබුණ ජනප්‍රියත්වය නම් දැන් නැහැ. ඉරෝෂා සඳමාලි කියන්නේ ඔහුගේ බිරිය. ඇය ධනුෂ්ක ගැන ඉතාම ආදරයෙන් හෙළි කරනවා.

ධනුෂ්කට කලින් තිබුණ ජනප්‍රියත්වය අඩු වුණත් තවම හරිම කාර්‍යබහුලයිලු. ගමේ ඉන්නේ නැතිතරම්ලු. ඇයි ඉතිං ප්‍රසංගවලට යන්න එන්න පහසු කොළඹ ඉන්නකොටනේ. ඒ නිසා ධනුශ්ක වැඩිපුර ඉන්නේ කොළඹලු. ඒත් ඔහු දැන් දරුවෝ තුන් දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. දරුවන්ට හරිම ලැදි තාත්තා කෙනෙක්. ඩ්‍රීම් ස්ටාර් වුණ මුල් කාලේ නම් ධනුශ්ක විවාහකයෙක් කියන කාරණය පවා හැංගුවා. ඒ වෙද්දිත් ඔහු දියණියකගේ තාත්තා කෙනෙක්. දියණියට එතකොට වයස අවුරුදු එකහමාරක් විතර. ඉතින් ඒ වෙලාවේ නම් ඉරේෂාට දරාගන්න බැරි වේදනාවක් ඇතිවෙලා තිබුණා. හැබැයි ඉතින් අවස්ථාවේ හැටියට එහෙම නොකර බැහැ කියලා ඇය තේරුම් ගත්තාලු.

එම්ජී වඩාත්ම ආදරය කරන්නේ තමන්ගේ තාත්තාට. ඊගාවට තමයි බිරියට සහ දරුවන්ට ආදරය කරන්නේ. කොහොම වුණත් ඉරේෂා සහ එම්ජී අතර ආදර සම්බන්ධය ඇතිවන්නේ පාසල් වියේදී. ඒකාලේ හරිම දඩබ්බර කොල්ලෙක්ලු. තාත්තාගෙන් ඇතිවෙන්න ගුටි කාලත් තියෙනවාලු. හැබැයි ඉතින් දැන් නම් ඒ දඩබ්බර කම් ටික ටික ඈත්වෙලා කියලත් එම් ජී ගේ බිරිය කියනවා.

ධනුශ්කව රියැලිටි තරුවක් කරන්නේ ඇය. ඇප්ලිකේෂන් පුරවලා තරගවලට දාන්නේ ඇය. අදත් එම් ජී එක්ක ආදරයෙන් ඉන්නේ, ඔහුගේ හැමදේම හොයලා බලලා ඉටුකරලා දෙන්නේ ඇය. ඉතින් මේ ආදරණීය කැදැල්ලේ සතුට සොම්නස මේ ලෙසින්ම හැමදාම පවතීවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.

M.G.Danushka Exclusive from Starfiends.lk

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close