Daily News
Trending

උදාරි කෞශල්‍යා නැවතත් විවාහ වෙලාද?




උදාරි කෞෂල්‍යා කියන්නේ රංඟන ශිල්පිනියක් වගේම නිරූපිකාවක්. ඇය විවාහවුනේ සංගීත් සතරසිංහ එක්ක. විවාහ ජීවිතවල ප්‍රශ්න ඇතිවෙන එක ස්වභාවිකයිනේ. ඉතිං උදාරිටත් ඒක ඒ විදියටම අදාලයි.

කොහොමහරි මේ දෙන්නා තරමක් ඈත් වෙලා ඉන්න වෙලාවක තමයි උදාරි මනාලියක ලෙසින් හැඩවුණ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ එහෙට මෙහෙට සැරිසරන්නේ.

උදාරි කාටවත්ම නොකියා ආයෙත් වතාවක් විවාහ වෙලාද? ඡායාරූප දැක්ක ගමන් සමහරුන්ට හිතුනේ එහෙම. ඔසරියෙන් සැරසිලා හිටපු උදාරිගේ මනාලයා ලෙසින් හිටියේ තුෂිත ධනුෂ්ක කියන නිරූපණ ශිල්පියා.

ඇත්තටම මේක විවාහයක් නෙමෙයි. ෆොටෝ ෂූට් එකක්. උදාරි මනාලියක් විදියට සැරසිලා තුෂිත ධනුෂ්ක එක්ක පෙනී සිටි ෆොටෝ ෂූට් එකක්. සැලෝන් චම්‍යා  තමයි මේ විදියට උදාරිව සහ තුෂිතව මනාල යුවලක් ලෙස හැඩගන්වන්නේ. කොහොම වුණත් බැලූබැල්මට නම් දෙන්න ඉතාම හොඳින් ගැලපෙනවා කියලා තමයි ඡායාරූප දැකපු හුඟක් අයට හිතුනේ. ඒත් ඒවා එහෙම සිද්ධ වෙන දේවල් නෙමෙයි. උදාරි වගේම තුෂිතත් එකම ක්ෂේත්‍රයේ. ඒ නිසා එයාලට මේ වගේ නිරූපනවලට පෙනීසිටින්න හෙටත් ආරාධනා ලැබේවි. මේ දේවල් ඔවුන්ට විශේෂ නැහැනේ. නිරූපණ වෘත්තිය කියන්නේ එහෙම තැනක්.

Tags
Show More
Close