Uncategorized
Trending

උද්දිකයි සාරංගයි ගහගෙන.




ගුටිකෙලගන්න එක දැන් පුරුද්දකට ගිගින්. පෙම්වතුන් පෙම්වතියන්, යාළු මිතුරන්, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්, දෙමාපියන් දරුවන් වෙනසක් නැතිව ගුටිකෙල ගන්නවා. මේක මේ සමාජෙට වැළඳිලා තියෙන රෝගයක්.

මේ ගුටිකෙලි සමහර වෙලාවට අවසන් වෙන්නේ මරණයෙන්. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. දැන් මේ අමුතු සමාජ රෝගය ජනප්‍රිය චරිතවලටත් බෝවෙලා. එහෙම ගුටිඇනගන්න වීඩියෝවකුත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා.

මේ ගුටි හුවමාරුව සිදුවෙන්නේ ජනප්‍රිය නළුවන් දෙදෙනකු අතර. ඔවුන් තමයි උද්දික සහ සාරංග. මෙතනදී සාරංග අහිංසකයි. ඒ කියන්නේ ගුටිකන්නේ සාරංග. උද්දික තමයි සාරංගට කිසිම හිතක් පපුවක් නැතිව තඩිබාන්නේ. කියන්නෙ නම් මහ ලොකුවට සහෝදර ශිල්පීන් කියලා. බලන්නකෝ ඒ වුණාට උද්දික සාරංගට දෙයියො බුදුන් සිහිවෙන්න නෙළන හැටි.

පුදුමෙ කියන්නේ සාරංගත් උද්දිකගෙන් ගුටිකාලා බිම බලාගෙන එනවනේ. කාපු කෑම කොහොමද කියලා ඒ එන ලීලාවෙන්ම පේනවා. වීඩියෝ එකේ ගුටිකෙලියේ සද්දේ නම් අහගෙන ඉන්න බෑ. බුදුඅම්මෝ එහෙමත් ගහනවද?

වීඩියෝව අවසාන වෙන තෙක් බැලුවමයි වැඩේ මීටර් වෙන්නේ. මේක මේ ෂූටින් එකක්. පසුබිමින්‍ ඇහෙනවා අධ්‍යක්ෂවරයා සෑහීමකට පත්වුණා කියන ජයග්‍රාහී සද්දේ. අනේ දෙයියනේ රඟපානවා කියලා මෙහෙමත් කන්න පුළුවනිද ? සාරංග උද්දික කියන්නේ ගජ මිතුරො නිසා ඒවා ඒ හැටි වැඩ නෙමෙයි. යාළුකමට ගහන ශොට්ස්වල ආදරයත් යහමින් තියෙනවානේ. ඒ නිසා ඉවසන එක සිම්පල් ඇති.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close