Daily News
Trending

ඉස්සර මම Tom boy වගේ,දැන් වැඩිපුරම ඉන්නෙ අහසේ – දිනිති වල්ගමගේ




දිනිති කියන්නේ දකුණේ කෙල්ලක්. ඉස්කෝලේ යන්නේ ගාල්ලේ සංඝමිත්තෙට. පවුලේ බාලයා. ඒ වගේම එකම කෙල්ල. දිනිතිට හිටියේ අයියලා දෙන්නෙක්. පුංචි කාලේ දඟ මල්ලක්. හරියට ටොම් බෝයි කෙනෙක් වගේ. ගස් උඩ නැගලා වැටිලා දුවලා පැනලා සෙල්ලම් කරපු අතීතයක් දිනිතිටත් තියෙනවා. ඒ තුවාල කැලල් තවමත් ඒ විදියටම තියෙනවාලු.

දිනිති ගුවන් සේවිකාවක්. ඒ නිසා දැන් වැඩිපුරම ඉන්නේ අහසේ. රට රටවල් වල කරක්ගහන්න තිබුණ ආසාව නිසා තමයි ගුවන් සේවයට බැඳෙන්නේ.

මේ දවස්වල දිනිති සිල්ලර සමනල්ලු එක්ක දකින්න ලැබෙනවා. දින දීගන්න අපහසු නිසා දිනිතිට එකවර හුඟාක් නිර්මාණ භාරගන්න අපහසුයි.

දැන් දිනිති ආදරවන්තියක්. මේ කියන්නේ අම්මා තාත්තා අයියලගේ ආදරේ ගැන. දිනිතිගේ ෆස්ට් ලව් එක වෙන්නේ ලියනාඩෝ ඩිකැප්‍රියෝනේ. අනේ මන්දා … ඒ ආදරේ විඳලා තියෙනවා කියලත් කියනවා. කොහොම වුණත් දිනිති වල්ගමව හුඟදෙනෙක් අඳුනගන්නේ හාරකෝටියේ අභිෂේකා නිසා. එක නාට්‍යයෙන්ම ජනප්‍රිය නිළියටත් නිර්දේශ වුණානේ.

Tags
Show More
Close