Daily News
Trending

ඉරාජ් පේෂලගේ කන පැලෙන්න ගහනවලු..




ඉරාජ් වීරරත්න සහ පේෂල මනෝජ් කියන්නේ ගජ යාළුවෝ. මේ යාළුකම වැඩි නිසාමද කොහෙද දෙන්නට දෙන්නා ප්‍රසිද්ධියේ විවේචනය කර ගන්නවා වගේම විහිළුත් කර ගන්නවා අපි දැකල, අහලා තියෙනවා.

පසුගිය දවසක ඉරාජ් අලුතින්ම ගත්ත වාහනේ ඉන්න ගමන්ම ගත්ත ඡායාරූපයක් අරන් පේෂල හරි අපූරු කැප්ෂන් එකකුත් එක්ක තමයි පළ කරලා තිබුණේ. මේ ගැනත් ගොඩ දෙනෙක් කතා කලා. මේ කියන්න යන්නේ ඉරාජ්ගෙන් අහපු ප්‍රශ්නෙකට දීපු උත්තරයක් ගැන. ඒ තමයි චමූ ශ්‍රී, වස්ති, අනුෂ්ක සහ පේෂල කියන තුන්දෙනාගෙන් කාටහරි කනට ගහන්න අවස්ථාවක් ලැබුණොත් කාටද ගහන්නේ කියලා. ඉරාජ් ගත් කටටම කියලා තිබුණේ මම පේෂලගේ කනට ගහනවා කියලා. මේකට හේතු විදියට කියලා තිබුණේ පේෂල මගේ යාළුවා නිසා ඕනම දෙයක් කර ගන්න පුළුවන් කියලා ගහලා. හැබැයි ඉතින් මොකද්ද වෙන්නේ කියලා බලන්න ඉරාජ් පේෂලගේ කනට ගහන්නම ඕන.

ඒ වගේම ඉරාජ්ට මැරෙන්න කලින් ඉටු කරගන්න ඕන හීනයක් තියෙනවලු. ඒ තමයි බිල් බෝර්ඩ් චාර්ට් එකේ ගීත සියය ඇතුලේ ඉරාජ්ගේ ගීතයක් ප්‍රචාරය කරගන්න එක. කනට ගැසීම කෙසේ වෙතත් අපිත් ප්‍රර්ථනා කරනවා ඉරාජ්ට මේ දේ කරගන්න ලැබෙන්න කියලා.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close