Daily News
Trending

ඉමායාගේ ආදරේ..

Imaya Liyanage




Imaya Liyanage Exclusive from Starfriends.lk

ඉමායා කියන්නේ ලංකාවෙන් බිහිවුණ රූප රාජිණියක්. 2014 දී ඇය මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළ පළඳින්න සමත් වුණා. එතැනින් පස්සේ ඉමායාට රංඟනයේ දොරටු විවෘත වෙනවා. ඇය මුතු කුඩ, අහස්, මේ මමයි, අපේ ආදරේ වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය වලින් ප්‍රේක්ෂක ආදරය ද දිනාගන්න සමත් වුණා. ඉමායාට සිනමා නිර්මාණ කිහිපයකට ද සම්බන්ධ වන්න අවකශය සැලසෙනවා. කුණාටුවේ මායා, පෝරිසාදයා වැනි සිනමා නිර්මාණවලින් ඇයව හඳුනා ගන්න ලැබුණා.

ඉමායා 2015 දී මිස්‌ග්ලෝබල් ක්‌වීන් කිරුළ සඳහා ඉදිරිපත් වෙනවා. 2015 සිට මේ දක්වා ඇය රංඟන ශිල්පිනියක් ලෙසින් මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවා. නමුත් ඒ චරිත අතරින් ඇගේ රංඟන ජීවිතයේ හැරවුම් ලක්‌ෂ්‍යය ලෙස මුතුකුඩ නාට්‍යයේ චරිතය හැඳින්වූවාට වරදක් නැහැ.

මේ විස්තර කිව්වේ ඉමායාගේ වෘත්තිය ජීවිතය පිළිබඳව පොඩි හඳුන්වා දීමක් කරන්නනේ. නමුත් අද අපි කියන්නේ ඉමායාගේ පෞද්ගලික ජීවිතයේ ආදරණීය තොරතුරක් ගැන. ඉමායාට ඉතාම ආදරණීය පෙම්වතෙක් ඉන්නවා. ඒ ආදර සම්බන්ධයට දැන් සෑහෙන කාලයක් වෙනවා. අපිට ආරංචි හැටියට නම් ඉමායාගේ ආදර කතාව පටන් ගන්නේ පාසැල් සමයේ දී. ඉතින් ඉමායා සහ ඇයගේ පෙම්වතා වන රජිත් ආදරයෙන් වෙලී ඉන්නා ඡායාරූප විටින් විට සමාජ ජාල මාධ්‍යයට එකතු වෙනවා. ගොඩක් වෙලාවට එහෙම කරන්නේ හිමායා. ඇය ඇගේ ඉන්සටර්ග්‍රෑම් ගිණූමට හෝ ෆේස්බුක් ගිණුමය එකතු කරන මේ වගේ ඡායාරූප වලට හරිම අපූරු කැප්ෂන් එකකුත් එකතු කරනවා. ඒ නිසා මේ කපල් ෆොටෝස් වඩාත් ආදරණීයව කියවන්න පුළුවන්.

ඔබව පරදා මගේ හිත ගන්නට හැකී… මෙලොව පහළ වූ කෙනෙක් නැතී,
ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා…. තුරළු වුණා මා හිරිපොද හැඟුම් සලාලා,
මැවෙනවා… මැවෙනවා… රැය නොනිදා සිහිවෙනවා… සසර පුරා පතනවා… අපි මතුදා හමුවෙනවා,
අපේ ආදරේ,
ඇසින් කතා කළ දෙතොල් සිනාවට හැඟුම් ගඟක් ගැලුවා,
පෙරුමන් පුරා ලඟ ඉන්න පින් පුරවන්නැති…ඔය ආදරේ කාටත් වඩා මට වෙන්නැති.

මෙන්න මේ වගේ ආදරණීය කැප්ෂන් එකක් එක්ක ඉමායා ඇයත් ඇයගේ පෙම්වතාත් ලබා ගත්ත ලස්සන ඡායාරූප පළකරනවා. ආදරය කියන්නේ හරිම සුන්දර අත්දැකීමක්. ඉතින් ඒක ඉමායා ප්‍රකාශයට පත් කරන විධිය හරිම අපූරුයි. ඒ වගේම කලාත්මකයි. ඉමායාගේ ෆේස්බුක් පිටුවෙන් සහ ඉන්සටර්ග්‍රෑම් පිටුවෙන් තමයි අපි මේ තොරතුරු අරගන්නේ. ඉමායා ගේ ආදරණීය ජීවිතයට වගේම සාර්ථකව ඉදිරියට ගලා යන වෘත්තීය ජීවිතයටත් අපි සුබපැතුම් එකතු කරනවා.

Imaya Liyanage Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close