GossipsHollywood & Bollywood
Trending

ඉන්දීය ප්‍රවීණ නළු දිලිප් කුමාර් සුව අතට.




ඉන්දීය ප්‍රවීණ නළු දිලීප් කුමාර් අසනීප තත්ත්වයේ පසුවීම නිසා රෝහල් ගත කළ පුවතක් අපට අසන්නට ලැබුණි. නිව්මෝනියා රෝගී තත්ත්වයට ගොදුරු වීම නිසා මෙලෙස රෝහල් ගත කල දිලීප් කුමාර් මහතාගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව පසුව දැනගන්නට ලැබුණි. මේ සම්බන්ධයෙන් දිලිප් කුමාර් මහතා වෙනුවෙන් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබුණු අතර ඔහුට ඉක්මන් සුවය පතා යාඥා කළ අයට ද හෘදයාංගම ස්තූතිය පළකොට තිබුණි.

කෙසේ වුවත් මෙය ඉතාම සතුටුදායක පුවතක් බව කිව යුතුය.

වර්ෂ 1922දී උපත ලද දිලීප් කුමාර් මේ වනවිට අවුරුදු 96ක් වයෝවෘද්ධය. බොලිවුඩ් සිනමා ඉතිහාසයේ වැඩිම සම්මාන සංඛ්‍යවක් දිනා ඇත්තේ ඔහුය. හොඳම නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය මුල් වරට දිනාගත් සම්මානනීය නළුවා ඔහුය. දේශපාලනයට ද පිවිසි දිලිප් කුමාර් මහතා ඉන්දීය රාජ්‍ය සභාවට ද නිර්දේශ විය.

මේ ප්‍රවීන සිනමා නළුවා අසනීප තත්ත්වයෙන් මිදී යළි යථා තත්ත්වයට පත් වීම අතිෂය සතුටට කරුණකි. එතුමන්ට දීර්ඝායුෂ අත්වේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු.

Tags
Show More
Close