GossipsHollywood & Bollywood
Trending

ඇසිඩ් ප්‍රහාරයකින් දීපිකා විරූපී වෙයි.




දීපිකා පදුකෝන් වසර ආරම්භ කළේ සංජේලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කර, බාධක රැසක් මධ්‍යයේ තිරගත කළ ‘පද්මාවත්’ චිත්‍රපටයේ සාර්ථකත්වයත් එක්ක. එහිදී ඇයට මරණ තර්ජන පවා එල්ල වුණා.

මේ දිනවල දීපිකා සිය නවතම සිනමාපටයට සූදානම් වෙනවා

එය සත්‍ය සිදුවීමක් පාදක කොටගත් චිත්‍රපටයක්. 2005 වසරේදී වයස අවුරුදු 15ක් වූ ලක්ෂ්මි අගර්වාල්ට එල්ල වූ ඇසිඩ් ප්‍රහාරය පාදක කොට ගෙන මෙම චිත්‍රපටය නිර්මාණය වෙනවා.

28 හැවිරිදි වියේ පසුවන ලක්ෂ්මී අගර්වාල් මේ වන විට ඇසිඩ් ප්‍රහාරවලට ලක් වූවන් වෙනුවෙන් පෙනී සිටින්නියක ලෙසින් කටයුතු කරමින් සිටිනවා.

දීපිකා මෙම චිත්‍රපටය සමඟින් සිනමා දිවියේ තවත් පියවරක් තබන්නේ නිෂ්පාදනයට ද දායක වෙමින්. මේඝ්ණා ගුල්සාර් විසින් තමයි මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ.

Tags
Show More
Close