Daily News
Trending

ඇලඩින් සහ පුදුම පහනේ භූතයා එලියට එන්න හදන්නෙ.




අරාබි නිසොල්ලාසය කියන්නෙ කතන්දර එක්දහස් එකක් තියෙන ලොකුම ලොකු කතන්දර පොතක්. ඇලඩින් සහ පුදුම පහන ඒ කතන්දර ගොන්නෙන් එකක්. මේ කතාවෙ මන්තර කාරයෝ, යෝධ භූතයෝ, අහසින් යන මන්තර පලස්, රාජ කුමාරියෝ, අරාබියේ ලස්සන මාලිගා ආදිය පිරිලා තියෙනවා. ඉතිං පුංචි දරුවන්ට හිතේ හැටියට රසවිඳින්න පුළුවන් කාරණා මේ කතාව ඇතුලෙ ඕන තරම් තියෙනවා. පුංචි ළමයින්ට ගැලපෙන නිර්මාණ හැදෙන්නෙ නෑ කියලා දැන් හැමෝම කියනවනෙ. ඔන්න ඒ මැසිවිලි වලට ලැබුණ හොඳම හොඳ උත්තරයක් තමයි” ඇලඩින් සහ පුදුම පහන “. විස්මිත නැවුම් අත්දැකීමක් ද සහිතව අපූරු කතා රසයකින් ඇලඩින් සහ පුදුම පහන සිංහල චිත්‍රපටය නිර්මාණය කරලා තියෙනවා. මේ අපූරු කතාවේ තිර පිටපත ලියන්නෙ අජිත් මෙන්ඩිස්. නිෂ්පාදනය කරන්නෙ ප්‍රසාද් විජේසූරිය. අධ්යක්ෂණය කරන්නෙ සුමිත් කුමාර. ඉතිං මේ අපූරු සිනමා අත්දැකීම අත්විඳින්න පවුලේ හැමෝටම ආරාධනා කරනවා. වරද්දන්නෙ නැතිව මතක ඇතුව ඇලඩින් සහ පුදුම පහණ නරඹන්න හැමෝම එන්න. ඒ එන්න ඕනෙ දවස අපි ඉක්මනින්ම ඔයාලට දැනුම් දෙනවා.

Tags
Show More
Close