GossipsHollywood & Bollywood
Trending

ආශා බෝස්ලේත් ඉටි කෞතුකාගාරයට.




භාරතය නැල වූ සුමධුර කටහඬ ඇගේ අක්කාගේය. අක්කාට ආදරය කළ සුවහසක් ජනතාව ඇයටද එක වගේ ආදරය කළේ භාරතය නළවන්නට ඇගේ හඬද සමත් වූ නිසාය.

ඇය ආශා බෝස්ලේය. අක්කා නම් ලතා මංගේෂ්කාර්ය. ආශා බෝස්ලේ ලාංකිකයන්ගේ ද ආදරය දිනා ගත් ගායිකාවකි. ඇය සිංහල භාෂාවෙන් පවා ගීත ගායනා කළාය.

විවිධ භාෂාවලින් ඇය ගැයූ ගීත සංඛ්‍යාව හත්දහසකට අධිකය. ඇය ගායනා කළ ගීත සංඛ්‍යාව දෙවැනි වූයේ ඇගේ අක්කා ගැයූ ගීත සංඛ්‍යාවට පමණි.

ආශා බෝස්ලේ ඉන්දියාවට ජාතික සම්පතකි. ආශාගේ ඉටි රුවක් මැලේසියාවේ මැඩම් තුසෙඩ් කෞතුකාගාරයේ නිර්මාණය වන්නේ ඇය ලෝක පූජිත ගායිකාවක් බව තව දුරටත් සහතික කරමින්ය.

නම ගිය දේශපාලනඥයින්, නළු නිළියන්, සමාජ ක්‍රියාකාරිකයන් ඉටි පිළිම ලෙස නිමවුණා මිසක මෙම කෞතුකාගාරයට ගායිකාවකගේ ඉටි රුවක් එකතු වන්නේ පළමු වතාවටය. ඒ ආශා බෝස්ලේය. ඇයගේ ජීවමාන රූපයට සමාන ඉටි රුවක් මේ වන විටත් එහි නිර්මාණය වෙමින් තිබේ.

Tags
Show More
Close