GossipsHollywood & Bollywood
Trending

ආලියාගේ නමේ තේරුම.

Alia Bhatt




Alia Bhatt  Exclusive from Starfriends.lk

ආලියා බාත් එයාගේ අම්මා සෝනි රස්දාන් එක්ක ළඟදී දවසක රූපවාහිනී ලයිව් ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් තිබුණා. ඔයාලා දන්නවානේ ආලියා කියන්නේ මහේෂ් බාත්ගේ දුව කියලා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ දි ආලියාගේ ළමා කාලයේ විස්තර ගොඩාක් කතාවෙලා තියෙනවා.

පුංචි කාලේ ආලියා සින්දු කියන්න නටන්න හුඟක් දක්ෂයිලු. දැනටත් ඇයට ගායන කිසලතාවක් පිහිටලා තියෙනවානේ. ඉතින් ඉස්සර ආලියාගේ අම්මා සෝනියා ආලියාව නෑ ගෙවල්වල එක්කරගෙන යනවා නම් සින්දු සීඩී එකකුත් අරගෙන යනවලු. එහෙම ගියාම හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්නේ ආලියාගේ නැටුම් ගැයුම් බලන්නලු.

ඉස්සර ඉතින් ආලියා බාත් කියන්නේ හරිම හුරතල් කටකාර කෙල්ලක්නේ. කවුරු හරි ආලියාගෙන් එයාගේ නමේ තේරුම මොකක්ද කියලා ඇහුවම ආලියා කට උල් කරලා ඇඟිල්ලකුත් අහසට දික් කරලා අහසේ බබලන තාරකාව කියලා කියනවාලු. ඇත්තටම ආලියා කියන නමේ තේරුම බබලන දීප්තිය වගේ එකක් කියලත් කියන්නම ඕනේ.

ආලියා යාළුවෙලා ඉන්නේ රන්බීර් කපූර් එක්කනේ. ඒත් මේ දෙන්නා පෙම්වතුන් බව ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැහැ. තවම ආලියාට වයස අවුරුදු 25යි. ඒ නිසා විවාහයට තව කල් තියෙනවා. සෝනියා තමන්ගේ දුව ගැන කියන්නේ එහෙම.

Alia Bhatt  Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close