Daily News
Trending

ආයෙත් මාව වට්ටන්න පුළුවන් මරණයට විතරයි. – ශලනි තාරකා –




ශලනි තාරකා රංඟන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මීට වසර දහයකට කලින්. ඇය ජනප්‍රියම නිළියන් දස දෙනා අතර වසර නමයක් තිස්සේ රැඳී සිටියා. මෙවර ඇය ජනප්‍රියම නිළිය සම්මානයටත් උරුමකම් කිව්වා.

ශලනිව ජනප්‍රියම නිළිය ලෙස ඔසොවා තබන්න සහය පළකළ රසික රසිකාවියන්ම මීට පෙර දසුන්ගේ සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් ඇයට පහරපිට පහර ගැසුවා. මේ සියල්ල ඉවසා සිටි ශලනි අද ජීවිතය ගැන කියන්නේ මෙහෙම කතාවක්.

” දසුන්ගේ සිදුවීම ජීවිතය ගැන පාඩම් රැසක් ඉගැන්නුවා. ඇත්තටම හිතවත් අය කවුද නැති අය කවුද කියලා අඳුන ගන්න පුළුවන් වුණා. මේ හැම දෙයකින්ම මම ජීවිතයේ පුදුමාකාර පන්නරයක් ලැබුවා. මම හිතන්නේ ආයෙත් මාව වට්ටන්න පුළුවන් මරණයට විතරයි. වෙන කිසිම දෙයකින් මාව වැටෙන එකක් නැහැ ”

ශලනි ජීවිතය පිළිබඳ අත්දැකීමෙන් පොහොසත් වෙන්නේ ඒ විදියට. ඒ මරණයට හේතුව දන්නේ දසුන් විතරයි කියලත් ශලනි කියනවා. මේ සිදුවීම හා සම්බන්ධ පාර්ශව තුනෙන් එක් පාර්ශවයක් අද ජීවතුන් අතර නැහැ. අනෙක් පාර්ශවය නිහඬයි. ඉතිං ඇයි මම විතරක් කතා කරන්නේ. ශලනි ඒ විදියට මේ සියලු කතන්දරවලට බුද්ධිමත්ව පිළිතුරු දෙනවා.

ශලනිට ආදරය සම්බන්ධයෙන් තියෙන්නේ අතිශය වේදනාකාරී අත්දැකීමක්. ඒ නිසා ඇය දැන් ආදරය කරන්න බයයිලු. කිසිම කෙනෙක් විශ්වාස නොකරන තරමට ශලනිගේ හිත බිඳිලා ඉවරයි. ඉතිං කවදා හරි කවුරුන් හෝ ඇගේ විශ්වාසය දිනාගන්න සමත් වුණොත් ඇය විවාහවන තීරණය ගනීවි. එහෙම නැතිවුණොත් ශලනි හැමදාටම තනිකඩව ඉඳීවි. ශලනි කියන්නේ එහෙමයි. ඇයට මුහුණ දෙන්න සිදුවුණ විවිධාකාර ප්‍රශ්න හමුවේ ඇය ජීවිතය තේරුම් ගන්නේ එහෙමයි.

මේ සියල්ල ආශිර්වාදයක් කරගෙන ශලනි සුපුරුදු පරිදි රංඟනයේ නිරත වීම ඇත්තටම සතුටක්.

Tags
Show More

Related Articles

Close