Daily News
Trending

ආනන්ද-මානෙල් විවාහයට ජනිත්ගෙන් සුබපැතුම්.Exclusive Photos

Ananda wickramage & Manel Wanaguru




Ananda wickramage & Manel Wanaguru Exclusive from Starfriends.lk

ජනිත් වික්‍රමගේ කියන්නේ ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරුගේ ආදරණීය පුත්‍ර රත්නය. දැන් නම් ජනිත් ඉන්නේ විවාහයට කියාපු වයසේ. ඒත් අද හෙට විවාහ වෙන පාටක් නම් පේන්නේ නැහැ. මේ දවස්වල විකාශය වන නිරාශා කතාවේ ජනිත් අපූරු මිත්‍රයකුගේ චරිතයකට පණ පොවනවා. අනෙක් අතට ඔහු සමාජ සේවා වැඩවලටත් උනන්දුයි. උපන්දින සාද වෙනුවට ජනිත් පුරුද්දක් විධියට හැම වසරකම ලේ දන් දීමේ කඳවුරක් පවත්වනවා.

දැන් මේ දීග යන වයසේ කොල්ලෝ ඉන්න අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ආයෙත් වතාවක් වුවාහ වෙච්චි පුවතක් ගැනයි අපි කියන්න හදන්නේ.

ජනිත්ගේ ආදරණීය අම්මයි තාත්තයි, ඔයාලා අපි කවුරුත් අඳුරන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු මංඟල ඇඳුමින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එකතු කරන්නේ ජනිත්. ආනන්ද සහ මානෙල් යුවලගේ විවාහයට වසර 35ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් තමයි මේ ඡායාරූප එකතුව නිකුත් කරලා තිබුණේ.

තවත් කාලයක් ආදරයෙන් ජීවත් වෙන්න කියලා ජනිත් තමන්ගේ ආදරණීය දෙමාපියන්ට සුබපතලා තිබුණේ මෙන්න මෙහෙමයි.

” ජීවිතය බොහෝම කෙටියි… ඔබේ ආදරණීයන්ට ආදරය කරන්න,අවංක වෙන්න…. My Happiness of Life ,
Happy 35th Anniversary to Best Mom & Dad ❤️🙏 මගේ ආයුෂත් අරගෙන ජීවත් වන්න…..”

ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු ආදරණීය කලාකරුවන් දෙපළට දීර්ඝායුෂ ලැබෙන්න කියලා සුබපතන ගමන් ජනිත්‍ටත් ඉක්මනින්ම මංඟල සීනු හැඬවෙන්න කියලා ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් අපි ප්‍රාර්ථනා කරනවා.

 

Ananda wickramage & Manel Wanaguru Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close